දාඩිය නැතුව රෑට නිදියන්න උපක්‍ර‍ම 11ක් මෙන්න

මේ දිනවල රෑට නිදාගන්නත් බැරි තරමට රස්නයක් තියෙනවා. ඒ රස්නය කොයිතරම්ද කියනවනම් කොට්ට මෙට් තෙත් වෙන අවස්ථා පව තියෙනව. මේ තත්වයට හේතුව මේ කාලයේ සූර්යා සමකයට ආසන්නව ගමන් කිරීමයි. හැබැයි විදුලිය ඇණ හිටීම නිසා විදුලි පංකා ක්‍රියාත්ම කරගන්න විදියක් නැති වුනාම ඒ රස්නෙ දෙගුණ තෙගුණ වෙනව.

කොහෝම හරි රස්නෙ ටිකක් හරි අඩු කරගෙන දහඩිය දාන්නෙ නැතුව සැනසිල්ලෙ නිදාගන්න සරල ක්‍ර‍ම කිහිපයක් තමයි මේ.

01. දිනපතා ව්‍යායාම් කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් නිදාගන්න පැය කිහිපයකට කලින්වත් ව්‍යායාම අවසන් කරන්න.

02. නින්දට යන්න කලින් සාමාන්‍ය සීතල වතුරින් නෑම හෝ ඇග සේදීම

03. නිදාගැනීම සඳහා බිම් මහළේ ස්ථානයක් තෝරාගන්න

04උණුසුම ඇතිකරන මෙට්ට ආවරණ , ඇද ඇතිරිලි ඉවත්කරන්න.

05. හැකියාවක් ඇත්නම් ඇඳ ඇතිරිලි සහ පොරවන ෂීට් නිදාගන්න මිනිත්තු 30කට කලින් පොලිතින් කවරයක බහා ශිතකරණයේ තබන්න.

06.නිදා ගැනීමට පැයකට පෙර ඔබේ නිදන කාමරයේ ජනේලය ඇරලා තියන්න.

07. නින්දට යනවිට කපු ඇඳුම් අඳින්න.

08. ඔබේ දෑත් , කකුල් හා මුහුණ වරින් වර පිසදා ගැනීමට තෙත තුවායක් ඇඳේ පැත්තකින් තියාගන්න.

09. අත්වල මැණික් කටුව දක්වා හරි නැත්නම් අතම හරි සීතල වතුර එකක තප්පර 30ක් තියාගෙන ඉන්න.

10. කාමරය ඇතුළතින් තෙත රෙද්දක් හරි ලොකු තුවායක් හරි එල්ලා තැබීම මගින් කාමරය ඇතුළත උණුසුම අඩුකරගන්න පුළුවන්.

11. රාත්‍රියේ ඇහැරුනොත් කෝට්ටේ අනිත් පැත්ත හරවා ගන්න

Post a Comment

0 Comments

Post Labels