භගමනිය පිළිබඳව ඔබ නොදත් කරුණු

සාමාන්‍යයෙන් කාන්තාවන් තමන්ගේ ලිංගික ඉන්ද්‍රියන් පිළිබඳව සාකච්ඡා කරන්නේ බොහෝ අඩුවෙනි. ඒ නිසාම කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයන් පිළිබඳව විවෘතව කථා කෙරෙනාවාද බොහෝ සෙයින් අඩුය.

ලිංගකිව උත්තේජනය වීමේදී පිරිමින්ගේ ශිෂ්ණය ප්‍රාණවත් වී සෘජු වෙනවා සේම කාන්තාවන්ගේ භගමනියද (ක‍කසඑදරසි) ප්‍රාණවත් වී දැඩිවන බව ඉතාලියේ වින්සෙන්සෝ පප්පෝ (ඡය.ෘ) පවසනවා. මේ බව පප්පෝස් ඇනටොමි ඇන්ඩ් පිසියලොජි කෘතියේ මනාව පැහැදිලි කොට තිඛෙනවා.

පහත දැක්වෙන්නේ එම කෘතියේ පෙන්වා දී ඇති කාන්තා භගමනියේ අප නොදත් කරුණු කිහිපයකි.

එය කාන්තාවගේ ශිෂ්ණය ලෙසද හැඳින්විය හැකිය

කාන්තාවගේ භගමනිය නැමැති ඉන්ද්‍රිය පුරුෂයින්ගේ ශිෂ්ණයට සමාන කල හැකිය. එහි වෙනස්කම වන්නේ කාන්තා භගමනිය ශිෂ්ණයට වඩා ප්‍රමාණයෙන් බොහෝ කුඩා වීමයි. නමුත් එය බහු ක්‍රියාකාරී ශිෂ්ණය මෙන් නොව, සම්පූර්ණයෙන්ම එය නිර්මාණය වී තිඛෙන්නේ ලිංගික උත්තේජය සඳහාමයි.(පුරුෂ ලිංගය ලිංගික කටයුතු සඳහා මෙන්ම මූත්‍රා පිට කිරීමටද නිර්මාණය වී තිබේ)

කෙසේ වෙතත් මෙම ඉන්ද්‍රියන් දෙකේ ලිංගික උත්තේජය සඳහා දායක වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් හෝමෝන දෙකකි.

කාන්තා භගමනිය විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. නමුත් එය ලිංගික උත්තේජය සඳහා කිසිසේත්ම ගැටලුවක් නොවේ.

කාන්තා භගමනිය ප්‍රමාණයෙන් විවිධාකාර වේ. එය භාහිරට සෙන්ටි මීටර් 3 ක් දක්වා දිගින් යුක්ත විය හැකිය.

කෙසේ වෙතත් එම ඉන්ද්‍රිය උත්තේජනය වී සුරතාන්තය දක්වා යන විට එයට දැනෙන හැඟීම් දැනීම් තව තවත් වැඩි වන බව එම කෘතියේ කතෘ පප්පෝ පවසයි.

එයට වයස අදාල වන්නේ නැත

පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ගේ භගමනියේ සංවේදීභාවයට වයස ගැටලුවක් වෙන්නේ නැත. සමහර පිරිමින්ගේ ශිෂ්ණයේ ක්‍රියාකාරීත්වය වයසත් සමග හෝ තරුණ කාලයේදීම හෝ ලිංගික කෘත්‍ය සඳහා ප්‍රාණවත් නොවීමේ ගැටලු මතුවේ. එහෙත් කාන්තාවගේ භගමනියට එවන් ගැටලුවකට මුහුණ දීමට සිදු නොවේ.

කාන්තාවට ඕනෑම වයසකදී ලිංකිකව එක්වීමේ කායික හැකියාව තිබේ.

භගමනිය උත්තේජයෙන් සුරතාන්ත වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකිය

කාන්තා භගමනිය ප්‍රමාණයෙන් සසඳන විට පුරුෂ ලිංගයට වඩා බොහෝ සෙයින් කුඩා ඉන්ද්‍රියකි. එහි ස්නායු අන්තයන් ඉතාමත් සංවේදී වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස එය පුරුෂ ලිංගයට වඩා ඉක්මනින් ලිංගික හැඟීම්වලට ප්‍රතික්‍රියා දක්වයි. එම නිසා පුරුෂයින්ට මෙන් නොව කාන්තාවන්ට ලිංගික සන්තර්පනයන් (සුරතාන්තයන්) වාර ගණනක් අත්විඳිය හැකිය. එම නිසා පුරුෂයකු එක් වරක් ලිංගිකව සන්තර්පනය වන විට, කාන්තාවක් කිහිප වරක් ලිංගිකව සන්තර්පනය වීමට අවස්ථාව තිබේ.

එය පුරුෂ ලිංගයට වඩා විශාල විය හැකිය

ඔස්ට්‍රේලියානු පර්යේෂණයකට අනුව කාන්තා භගමනිය අඟල් 6ක් දක්වා ශරීර අභ්‍යන්තරයට පිහිටා තිබිය හැකිය. එම නිසා එහි සැබෑ ප්‍රමාණය සමහරවිට පුරුෂ ලිංගයට වඩා විශාල විය හැකිය.

Post a Comment

0 Comments

Post Labels