රහස් ප්‍රදේශය කළු වෙලාද ? මෙන්න විසඳුම.

ශරීරයේ අනෙකුත් ස්ථානයන් හා සසඳා බලන විට ඉකිලි වැනි රහස් ප්‍රදේශයන් වල පිහිටා තිඛෙන සම තරමක් අඳුරු ස්වභාවයකින් යුක්තයි. නමුත් වාසනාවකට එම තත්වය ඉතාමත්ම පහසුවෙන් මග හැර ගන්නට ඔබට පුළුවන්. අද අපි ඔබව දැනුවත් කරන්නේ රහසිගත ප්‍රදේශයන් වල පිහිටා ඇති අඳුරු සම කෙටි කලකින් ආලෝකමත් කරගැනීම සඳහා භාවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ස්වභාවික ප්‍රතිකාර කිහිපයක් පිළිබඳවයි.

1. කෝමාරිකා

අඳුරු සම ආලෝකමත් කිරීමට අමතරව සම පෝෂණය කිරීමේ සුවිශේෂී හැකියාවක්ද කෝමාරිකා වලට තිඛෙනවා. එපමණක් නොවෙයි, පිළිකාවන් ඇතිවීම වළක්වාලීමේ සහ හානිවී තිඛෙන සයිල නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක්ද කෝමාරිකා වලට තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

කෝමාරිකා යුෂ ස්වල්පයක් අත්ලට ගෙන, අඳුරු වී තිඛෙන ස්ථානයේ ගල්වා මිනිත්තු 20ක් පමණ තිඛෙන්නට ඉඩ හැර පසුව සෝදා හරින්න.

2. බේකින් සෝඩා

සම මත ඇති මැරුණු සයිල ඉවත් කරමින් සම පිරිසිඳු කිරීමේ හැකියාවක් බේකින් සෝඩා වලට තිඛෙනවා. එම නිසා බේකින් සෝඩා සහ වතුර ස්වල්පයක් එකතුකොට සකසා ගන්නා මිශ්‍රණයක් භාවිතා කරමින් රහස් ප්‍රදේශයේ ඇති අඳුරු බව අවම කරගන්නට ඔබට පුළුවන්.

බේකින් සෝඩා කොටස් තුනකට එක් වතුට කොටසක් එකතුකරගෙන තරමක් ඝන ආලේපනයක් සකසා ගන්න.

දැන් එම මිශ්‍රණය අඳුරු වී ඇති රහස් ප්‍රදේශයේ ආලේප කොට වියලෙන්නට ඉඩ හැර පසුව සෝදා හරින්න.

මෙය සතියකට දෙවරක් පමණ සිදුකිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්.

3. ලෙමන්

අඳුරු සම ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රභල ස්වභාවික නිෂ්පාදනයක් ලෙස ලෙමන් හඳුන්වන්න පුළුවන්. විටමින් සී වලින් පොහොසත් ලෙමන් වලට සම මත ඇති මැරුණු සයිල ඉවත් කරමින් සයිල අලුතෙන් උත්පාදනය කිරීමේ හැකියාවක්ද තිඛෙනවා.

අඳුරු වී තිඛෙන ස්ථානය මත ලෙමන් යුෂ ගල්වා මිනිත්තු කිහිපයක් පමණ හොඳින් අතුල්ලන්න. ඉන් පසුව එය මිනිත්තු 20ක් පමණ තිඛෙන්නට ඉඩ හැර පසුව ඇල් මැරුණු ජලයෙන් සෝදා හරින්න.

4. පිපිඥ්ඥා

අනෙකුත් ස්වභාවික නිෂ්පාදන වල වගේම පිපිඥ්ඥා වලද සම ආලෝමත් කිරීමේ හැකියාවක් ඇති බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා. පිපිඥ්ඥා යුෂ සමග ලෙමන් යුෂ සහ කහ කුඩු ස්වල්පයක් කලවම් කරගෙන ආලේප කරනවානම් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්.

ලෙමන් භාවිතා කරන නිසා සම මත ඇති මැරුණු සිල ඉවත්වී සම ආලෝකමත් වෙන අතර, පිපිඥ්ඥා යුෂ භාවිතා කරන නිසා සම සිසිල් වෙනවා. ඊට අමතරව සම මත ඇති ලප අවම කිරීමේ හැකියාවක් කහ වලට තිඛෙනවා. මෙම ප්‍රතිකාරය ඔබට දිනපතා වුනත් භාවිතා කරන්නට පුළුවන්.

ඒ සඳහා ඔබ කලයුතු වන්නේ කහ කුඩු සහ ලෙමන් යුෂ තවරන ලද පිපිඥ්ඥා පෙත්තක් අඳුරු වී තිඛෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි.

Post a Comment

0 Comments

Post Labels