ඉන්දියානුවන් ලස්සන වීමේ රහස්


පැරැණි ඉන්දියානු සාහිත්‍ය කෘතිවලින් කාන්තාවන්ගේ සුන්දරත්වය වර්ණනා

කර ඇත. වාත්ස්‍යායනගේ 'කාමසූත්‍ර' ග්‍රන්ථයේ කාන්තා රුව පිළිබඳ වර්ණනා දක්නට ඇති අතර සුන්දර වූද, සූ සැට කලාවන් දන්නා වූද ස්ත්‍රිය පරිපූර්ණ කෙනෙක් යැයි සඳහන් වේ. කාලිදාස විසින් රචිත 'දභිඥන සකුන්තලය" ග්‍රන්ථයෙන් සකුන්තලාගේ රූපශ්‍රීය වර්ණනා කර ඇත. "අභිනය දර්පණ" නමැති ග්‍රන්ථයකින්ද කාන්තා රුව වර්ණනා කර ඇත. සැවැන්දරා, සුදුහඳුන් ආදිය ආලේප කිරීමෙන් දැඩි හිරුඑළියෙන් සිදුවන හානිය නසා කාන්තාව සුන්දර වන බව එහි වැඩිදුරටත් දක්වා ඇත. ඔහුගේම තවත් කෘතියක් වන 'මේඝදූත"යෙන්ද නන්දිකේශ්වරගේ "අභිනය දර්පණ" ග්‍රන්ථයෙන්ද කාන්තා රුව වර්ණනා කර ඇත.

ඉන්දියාව රූප සුන්දරියන් නිරතුරුව බිහි කරන රටකි. ඒ තරමටම ඉන්දියානු කාන්තාවන් සුන්දරය.

එයට විශේෂ හේතුවක්ද තිබිය හැකිය. සාමාන්‍යයෙන් යමකුගේ රූ සපුව සහජයෙන්ම උරුම වන දෙයකි. මීට අමතරව යමකුගේ ජීවන රටාවේ ස්වභාවය, ආහාර පානවල ස්වභාවය හා මානසික ස්වභාවයද මේ සුන්දරත්වය කෙරෙහි තීරක සාධක වශයෙන් සඳහන් කරන්න පුළුවන්.

ඉන්දියාවේ එක් එක් ප්‍රාන්තවල දේශගුණික ස්වභාවය එකිනෙකට වෙනස්ය. ඉතා වියළි කර්කශ දේශගුණයක් තිබෙන ප්‍රාන්තත් තිබෙනවා. ඒත් එහි ජීවත්වන මිනිසුන් ඉතා කඩවසම්, විශේෂයෙන්ම තරුණ කාන්තාවන් ඉතාම සුන්දරයි.

වසර හයක පමණ කාලසීමාවක් ඉන්දියාවේ අධ්‍යයන කටයුතුවල යෙදුණු විට හඳුනාගත් ආකාරයට මෙම සුන්දරත්වය සඳහා බලපාන හේතු කීපයක් තිබෙනවා.

ගිතෙල් ආහාරයට ගැනීම

ඉන්දියානු ආහාරයට ගිතෙල් අවශ්‍යම අංගයක්. ආහාරයට විතරක් නෙවේ සමහර රසකැවිලිවලටත් ගිතෙල් දමනවා. ගිතෙල් ශරීරය පැහැපත් කරනවා. පෘෂ්ටිමත් කරනවා. ඉතා මෘදු, මොළොක් සමක් ඇති කරනවා. සමේ ලප, කැළැල් ඇතිවීම වළක්වනවා.

එළවළු හා පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම

හින්දු, ජෛන හා බෞද්ධාගමික පසුබිම අනුව ඔවුන් මස්මාංස වලින් වැළකී එළවළු, පලතුරු පමණක් ආහාරයට ගන්නවා. මේ නිසා නිරෝගීව සිටීමට මෙන්ම, තරුණ බව ආරක්ෂා කරගැනීමටත් හේතු වෙනවා. සම ඉතා පැහැපත් මෙන්ම සුන්දරත්වයෙනුත් අනූන වෙනවා.

කිරිවලින් හදන ආහාර සහ කිරි වැඩිපුර ගැනීම

වැඩිපුර කිරි බීමත් සුන්දරවීමට බලපාන තවත් විශේෂ කාරණයක්. කිරිවලින් සම පැහැපත් වෙනවා. ඒ වගේම මුදවපු කිරිත් ඔවුන්ගේ ආහාරයට නැතුවම බැරි දෙයක්. මෙහි ඹ්චජබඪජ චජඪඤ සහ සින්ක් තිබෙන නිසා ඒ මඟින් සමද පිරිසුදු කරනවා. සම මෘදු කරනවා. හිරු එළිය නිසා සමේ ඇතිවන පිලිස්සීම් මකා දමනවා. වෙනත් ආකාරයකට දක්වන්නේනම් මුදවපු කිරි වයසට යෑම ප්‍රමාද කරන ඔෟෂධයක්.

ඔවුන්ගේ ජීවන රටාව ඉතාම සරලයි

ජීවත්වීමේදී ඔවුන් ආතතිය (ඉබපඥඵඵ) ඇති නොවන හෝ අවම වන ආකාරයට කටයුතු කරනවා. ඔවුන් බොහොම ආගමානුකූලව ජීවත් වෙනවා. දිනපතා යෝග අභ්‍යාස ප්‍රගුණ කරනවා. ඉඳහිට භාවනා වැනි වැඩසටහන්වලට සහභාගි වෙනවා. බොහෝ දෙනෙක් සංගීතය ඉගෙන ගන්නවා. නැටුම්, සංගීතය වැනි දේවල් ඔවුන්ගේ ජීවන රටාව හා බැඳුණු අනිවාර්ය අංග ලෙස දක්වන්න පුළුවන්.

රුව වඩන පිළියම් නිතර භාවිත කිරීම

ඉන්දීය තරුණියන් රූපලාවණ්‍ය පිළියම් භාවිත කරන්නේ මෙරට මෙන් උත්සව අවස්ථාවලදී පමණක් නොවේ. එය ඔවුන්ගේ දින චර්යාවේම කොටසක්. අනාදිමත් කාලයක සිට ඉන්දීය කාන්තාවන් රුව රකින විවිධ ක්‍රම භාවිත කරනු ලබන්නේ ආයාසයකින් තොරවයි.

පොල්තෙල්

කේරළයේ කාන්තාවන්ට දිගු දැකුම්කලු කෙස් කලඹක් තිබෙනවා. ඔවුන් පොල්තෙල්වලට පොකුරු වදමල් සහ කරපිංචා කොළ දමා සිඳුවා ගන්නා තෙල් දිනපතා හිස ගල්වනවා. මේ නිසා දිලිසෙන, තද කළු පැහැති දිගු කෙස් කලඹක් ඇතිවෙනවා. ඒ වගේම ඔවුන් සවසට මඳක් උණුසුම් කළ පොල්තෙල් ඇඟිලි තුඩුවලින් හිසේ, සමේ ගා පිරිමදිනවා. පසුදා උදේ හොඳින් හිස සෝදා නානවා. මෙය දිනපතාම වාගේ කිරීමෙන් ඉහත ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙනවා.

කහ-වියළි කහ කුඩු

පුරාණ කාලයේ සිටම ඉන්දීය කතුන් කහ රූපය සුන්දර කරන ද්‍රව්‍යයක් ලෙසට භාවිත කර තිබෙනවා. තරුණියක් මනාලියක් වන විට දින කිහිපයක සිටම කහකුඩු ජලයේ මිශ්‍ර කර ශරීරයේ ආලේප කරනවා. එවිට සම රන්වන් පාට කර සමේ කුරුලෑ බිබිළි ආදිය සුව වෙනවා. විෂබීජ නැසෙනවා.

වියළි කහ කුඩු එළකිරි සමඟ මිශ්‍ර කර ඇස් වටේ ගෑමෙන් සම රැලිවැටීම වැළකී සම පැහැපත් වෙනවා.

ඒ වගේම කහකුඩු,පොල්තෙල් සමඟ මිශ්‍රකර මඳක් රත්කර ගෑමෙන් යටිපතුල් පැළීමද සුව වෙනවා.

සුදු හඳුන්

සුදු හඳුන් ශරීරය සිහිල් කරන, ඉතාමත්ම ආකර්ෂණීය සුවඳකින් යුතු ඔෟෂධයක්. ඉන්දියාවේ උත්සව අවස්ථාවන්හිදී සුදුහඳුන් කුඩු කුඩා මංජුසාවකට දමා අමුත්තන්ට තිළිණ කරන අවස්ථා දක්නට ලැබෙනවා. ඒ වගේම සුදු හඳුන්, රෙදි අල්මාරි තුළ තැබීමෙන් ඒවා සුවඳවත් වෙනවා.

සුදුහඳුන් තෙල් මෙන් දෙගුණයක ප්‍රමාණයක් අබතෙල් සමඟ මිශ්‍ර කර ගෑමෙන් කුරුලෑ සුව වෙනවා. උෂ්ණ කාලවලදී සුදු හඳුන් කුඩු වතුරට මිශ්‍රකර ඇඟේ ආලේප කිරීමෙන් දාහය අඩුවෙනවා. සම පැහැපත් වෙනවා.

ඒ වගේම සුදු හඳුන් කුඩු තැඹිලි ගෙඩියකට දමා රැයක් තිබෙන්නට හැර උදේ හිස්බඩ පානය කිරීමෙන් කාන්තාවන්ගේ ඔසප් දෝෂ සුවකොට ශරීරය සිසිල් වෙනවා. පැහැපත් වෙනවා.

මීපැණි

මීපැණි ආලේප කිරීමෙන් සම වියළීම වළකිනවා. ර්ධඪඵබභපඪලඥප එකක් ලෙස ක්‍රියා කරනවා. මීපැණිවලට එළකිරි මිශ්‍රකර එයටම කුංකුමප්පු ස්වල්පයක් එකතු කර මුහුණේ ආලේප කිරීමෙන් (ජ්චජඥ නචජඬ) සම පැහැපත් වෙනවා.

ඒ වගේම ඔලිව් ඔයිල්වලට මීපැණි මිශ්‍ර කර හිසේ ගා පිරිමැදීමෙන් එය ඩ්චඪප ඛ්ධදඤඪබඪධදඥප එකක් ලෙස ක්‍රියා කරනවා. හිසේ සම පිරිසුදු වෙනවා. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් සම වයසට යෑම ප්‍රමාද කරනවා.

මුදවපු කිරි

ආහාරයක් වශයෙන් මෙන්ම සම පිරිසුදු කරන ඛ්තඥචදඵඥප එකක් ලෙස භාවිත කරනවා. මුදවපු කිරිවලට දෙහි ඇඹුල් බින්දු කීපයක් මිශ්‍රකර මුහුණේ (ශරීරයේ) ආලේප කිරීමෙන් සමේ තෙතමනයද ආරක්ෂා වී සම පිරිසුදු වෙනවා. මෙය මුළු ශරීරයේම වුවද ආලේප කර විනාඩි 15කට පමණ පසු සෝදා හැරිය හැකිය.

මුදවපු කිරිවලට බාර්ලි පිටි මිශ්‍ර කර සමේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පසුව සිසිල් ජලයෙන් සෝදා හැරීමෙන් සම පැහැපත් වෙනවා.

එඬරු තෙල්

ඉන්දීය යුවතියන් සම පැහැපත් කරගැනීමට එඬරු තෙල්ද භාවිත කරයි. මෙම තෙල් උකුයි, ඒ වගේම ඇලෙනසුලුයි. ඇස්වටා සහ අතුල් පතුල්වල ආලේප කිරීමෙන් ශරීරය සිසිල් වේ.

පිරිසුදු එඬරු තෙල් තේ හැඳි 01ක් උණුසුම් ජලය සමඟ මසකට වරක් පානය කිරීමෙන් මලබද්ධය වළකිනවා. ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වෙනවා. මෙය සුන්දරත්වය වැඩිවීමටත් හේතු වෙනවා.

දිනපතා නෑමට පෙර ඇඟේ එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමැදීමෙන් සම නිරෝගී වෙනවා, සම පැහැපත් වෙනවා.

මුං ඇට පිටි

මුං ඇට පිටි සම පිරිසුදු කරනවා. මුං ඇට පිටි ජලය සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් සමේ ඇති දුර්වර්ණ බව නැතිවෙනවා. තරුණියන් විසින් මුං ඇට පිටි කිරි, මුදවපු කිරි, කහ කුඩු සහ මී පැණි සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ සම පැහැපත් කරනවා. එමඟින් සම මටසිලුටු වේ.

මේ ආකාරයෙන්ම කොහොඹ තෙල්, තුලසි පත්‍ර යන ආදියද ගැමි යුවතියන් සමේ පැහැය ඇති කරගැනීම සඳහා භාවිත කරන අවස්ථා දැක ඇත. කොහොඹ තෙල් ආලේප කිරීමෙන්ද සම වියළීම වළකියි. මදුරුතලා (තුලසි) කොළ එළකිරෙන් අඹරා ගෑමෙන් කුරුලෑ සුව වේ.

සෑම තරාතිරමකම ඉන්දීය යුවතියන් තම සුන්දරත්වය වැඩි කරගැනීම සඳහා දිනපතා හෝ සමහර විට ඉඩ ලද සෑම අවස්ථාවකම මෙවැනි සරල ඔෟෂධ භාවිත කරනවා. ඔවුන් රූපලාවණ්‍යාගාරවලට යෑම කලාතුරකින් සිදුවන දෙයක්. මේ සෑම දෙයක්ම ඔවුන් කරනු ලබන්නේ නිවෙසේදීමයි. මෙහි දක්වා ඇති බහුලව භාවිත කරන ක්‍රමවලට අමතරව තවත් බොහෝ දේ ඔවුන් නිතර භාවිත කරනවා. මේ විදියට බලන විට පෙනීයන දෙයක් වන්නේ සෑම ඉන්දීය කාන්තාවක්ම රූපලාවන්‍ය ශිල්පිනියක් බවයි.

Post a Comment

0 Comments

Post Labels