තත්පර 30ක් තුළ නින්දට වැටීමට ඔබේ මොළයට පුරුදු කිරීමේ ක්‍රමය මෙන්න.

නිදා ගැනීමේ අපහසුතා සත්‍ය වශයෙන්ම පොදු ගැටළුවක් වන අතර එය අවසානයේදී නින්දට යාමට පෙර වෙහෙසකාරී හ වටිනා කාළය විනාශ කර දමන සිදුවීමකි. ඔබ සෑම රාත්‍රියකදීම නින්දට වැටීමට පැයකට ආසන්න කාළයක් අරගලයක යෙදෙන්නේ නම්, ඔබ මෙම අර්ථ විරහිත ක්‍රියාකාරකම සදහා සෑම වසරකම සති ගණනාවක් මුළුල්ලේ පැය 940 ක් ගත කරනු ලබයි. එම නිසා මේ සඳහා විසදුමක් සෙවීමට අවශවී ඇත. වාසනාවකට මෙන් වෛද්‍ය ඇන්ඩෘ වෙලී ෘර Aබාරුඅ උැකස මේ සඳහා විසදුමක් සොයා ගෙන ඇත. ඔහුගේ මෙම උපාය අසිමීත නිදිවර්ජිත රැයවල් වලින් ඔබව බේරා දෙනු ඇත. නියත වශයෙන්ම මෙය ඔබට තත්පර කිහිපයකින් නින්දට වැටීමට උපකාරී වනු ඇත

වෛද්‍ය වෙලී විසින් යෝග ක්‍රම භාවිත කර එහි හුස්ම ගැනීමේ ක්‍රියාවද භාවිත කරමින් කාර්යක්ෂම ක්‍රමයක් සොයා ගැනීමට පෙළඹිණි. මෙය 4-7-8 හුස්ම ගැනීමේ ව්‍යායාමය ලෙස නම් කරනු ලබයි. මෙය ඕනෑම තැනකදී සිදු කළ හැකි ඉතාමත් පහසු ක්‍රියාවකි. තවද ඉක්මන් නින්ද ගෙනෙන මේ අපුරු ක්‍රියාවට වැඩිපුර කාළයක් වැය නොවන අතර , ඔබට ඒ සඳහා කිසිදු උපකරණයක්ද අවශ්‍ය නොවේ.

මෙන්න ඔබට කිරීමට අවශය සියළු දේ.

1) මුලින්ම ඔබේ මුඛයෙන් සියළු වාතය වූෂ් හඩක් නංවමින් පිට කරන්න

2) දැන් මුඛය වසා සිතෙන් 4 ට ගනන් කරමින් නාසයෙන් හුස්ම ගන්න.

3) ඉන්පසු හුස්ම ගැනීම නතර කොට මනොමයෙන් 7 වෙන තෙක් ගණන් කරන තුරු හුස්ම අල්ලාගෙන සිටින්න

4) අවසාන පියවර වන්නේ නැවත වරක් හුස්ම සියල්ල වූෂ් හඩ නංවමින් මනොමයෙන් 8 වෙන තෙක් ගණන් කරමින් මුඛයෙන් සම්පූර්ණයෙන්ම පිට කිරීම මගිනුයි.

5) මෙය එක ආශ්වාසයකි. දෑන් නැවතත් හුස්ම ගෙන මෙම චක්‍රීය ක්‍රියාව තව තුන් පාරක් කරන්න.

වෛදය වෙලී ට අනුව ඔබ නිවැරදි අනුපාතයට සෑම විටම ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙරෙහි අවධානය යොමු කරන්න. මෙම ව්‍යායාමයේ ඵලදායීතාවය රදා පවතිනුයේ හෘද ස්පන්දනය අඩුවීම හා ඔබගේ මනසේ සංසුන් වීම මතයි. මෙය ඉතා පහසු ක්‍රියාවක් බැවින් මෙය උත්සහ කිරීමට පැකිලෙන්න එපා. එවිට ඔබටම මෙම තත්පර 30ක් තුල ඉක්මන් නින්ද ගෙනෙන ව්‍යායාමයේ සාර්ථක අසාර්ථක භාවය අත් දැකිය හැකි වේවි. ඔබට ජය

Post a Comment

0 Comments

Post Labels