හොඳ උත්තේජකයක් ලෙස ආයුර්වේදයේ හඳුන්වන කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විතයි. බොහෝවිට මනුෂයාගේ එදිනෙදා වැඩ කටයුතුවලදී කුරුඳු වර්ග අවශ්‍ය ලෙස සකසා ප්‍රයෝජනයට ගැනීම අතීතයේ සිට පැවතුණ බව අපට හඳුනාගන්නට හැකි වී ඇත. සමහර අවස්ථාවලදී මුඛ දුර්ගන්ධය නැති කිරීමට ද කුරුදු භාවිතා කරයි. මෙහි පවතින සුවඳවත් භාවය එයට හේතු වෙයි. විවිධ රෝග අවස්ථාවලදී අගනා මෙහෙයක් ඉටු කරන කුරුදු ඖෂධය ආයුර්වේදයේදී වැදගත් වන ආකාරයන් පිළිබඳ අද විශ්ම ලෝකයෙන් අපි කතා කරමු
කුරුදු වල ඖෂධීය ගුණයන් හා ප්‍රයෝජන
කුරුඳු විදුරුමස් ශක්තිමත් කරනු ලබයි. දත් දිරා යෑම වළකයි. දත් කැක්කුමට ගුණ දෙයි.
කුරුඳු කුඩු හා තෙල් ක්ෂය රෝගය නිසා ඇතිවන තුවාල සුව කරයි.
සිරුරේ අධික ශීතල ඇති අවස්ථාවන්වලදී කුරුඳු තෙල් කන් දෙපැත්තේ ආලේප කරයි. එවිට සීතල ගතිය පහව යයි. බඩගිනි ඇති කරයි.
අජීර්ණය දුරු කරයි. (ආමය හොඳින් පැසවයි) නොදිර වූ ආහාර කොටස් ජීර්ණය කිරීමට උදව් දෙයි.
ශරීරයේ වාතයේ ක්‍රියා පහසු කරයි. උදරයේ බර බව නැති කරයි. උදරයේ වේදනාව නැති කරයි. එසේම වරින් වර ඇතිවන තද බඩේ වේදනාව නැති කරයි.
සමේ රෝගවලදී කුරුඳු කුඩු තලපයක් සේ සාදා ආලේප කරයි.
පරිවෘත්තීය ක්‍රියා පාලනය කරයි.
රුධිරය කැටි ගැසීම වළකයි.
කොලෙස්ටරෝල් හා රුධිර සිනි ප්‍රමානය අවම කරන කුරුදු බලය
කුරුදු වල ඇති රසායනික සංයෝගය බැක්ටිරියා හා දිලිර වලට ප්රතිවිරුද්ධව ක්‍රියා කරනු ඇත.අධ්‍යනයන්ට අනුව දිනකට ග්‍රෑම් හය දක්වා භාවිතා කිරිම මගින් රුධිර ග්ලුකොස් ත්‍රයිග්සරයිඩ්, ඛෘඛ කොලෙස්ටරෝල්අවම කර ්‍යෘඛ වැඩි කර ගත හැකි අතර ඔශඡෑ 02 දියවැඩියාව සදහා ඇති අවදානම අවම කර ගත හැක.මෙහිදි ඉන්සියුලින් ප්‍රතිරෝදි තාව අවම කර රුධිර පද්ධතියෙන් ෙසෙල තුලට සිනි ගමන් කිරිමට උදව් කරයි.
කුරුදු කුඩු තේ හැඳි 1/2ක් දිනකට ගැනීමෙන් රුධිරයේ පවතින කොලෙස්ටරෝල් හා සීනි මට්ටම අඩු කරයි.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා හිසරදයට කුරුදු වලින් ඛෙහෙත් හදන හැටි
ඉගුරු, කුරුඳු පොතු සහ කොත්තමල්ලි ක්ෂාය බොන්න. නාස් හිරවීම නැති කරයි. මෙම ක්ෂාය වාත කප ( සෙම) නිසා හටගත් උණට හොඳයි.
ආතරයිටීස් වේදනාවට කුරුදු වලින් විශ්මිත පානයක්
කුරුඳු කුඩු තේ හැඳි 1/2ක් මී පැණි මේස හැඳි 1ක් සමග මිශ්‍ර කර හිස්බඩ ගැනීමෙන් මෙම වේදනාව පහ කරයි.
සෙම රෝගයට ගුණ දෙන කුරුඳු
වා,පිත්, සෙම යන තුන්දොස් සමනයට කුරුඳු ඉවහල් වුවත් ප්‍රධානවම ගුණ දෙන්නේ සෙමටයි. කැස්ස, හතිය, ක්ෂය රෝගය යන රෝග අවස්ථාවලදී කුරුඳු අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. ස්වසන පද්ධතියේ පවතින අවහිරතා මග හරියි. හෘදයේ දුර්වලතා නැති කිරීමට උදව් වෙයි. උදරය පිරිසිදු කරන ගුණය ඇත. රුධිර සංසරණය ක්‍රියාවලිය පහසු කරයි. ශරීරයේ ඕජස් වර්ධනය කරයි.
පාචනයට
කුරුඳු කුඩු තේ හැඳි 1/2ක් උණු වතුර සමග දිනකට එක් වතාවක් බොන්න.
උගුරේ ඇතිවන වියළි බවට
කුරුඳු කැබැල්ලක් සපා කන්න. වමනය හා ඔක්කාරයට ද සුදුසුයි.
ධාරන ශක්තියට වැඩි කරන කුරුදු රහස
කුරුඳු පොතුවල සුවඳ ආඝ්රණය කිරීම නිසා ධාරන ශක්තිය හා මතක ශක්තිය වැඩි කරයි
තේ වෙනුවට අමතර පානයකි කුරුදු තේ
කුරුඳු කුඩු තේ පානයක් ලෙස භාවිතා කළ හැකියි. මෙහි කෙඳි සහිත බව වැඩියි. මැංගනීස්, යකඩ, කැල්සියම් බහුල වේ.
0 Comments