අද කියන්න යන්නේ ඔයාලගේ ජිවිතයට ගොඩක් වැදගත් ඔසුවක් ගැන විස්තරයක්. මේ ඔසුව හදන්න අපි යොදා ගන්නවා අමු ද්‍රව්‍ය දෙකක්. ඒ මී පැණි හා සුදු ළුණු. මේ අමුද්‍රව්‍ය දෙකේ තියෙන ගුණ ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් විස්තර කරලා දෙන්න ඕනේ නෑනේ. මී පැණි හා සුදු ළුණු කියන්නේ ආයුර්වේදය තුල නැතුව බැරි දෙවල්. ඉතින් මේ දෙක එකට එකතු උනාම තියෙන බලේ ඉතාමත් ඉහලයි.
ලෙඩ රෝග වලින් ආරක්ෂා වී හැමදාම නිරෝගිව සිටීමට විශ්මිත ඔසුවක් හදන හැටි
හොදින් වියලාගත් තදින් වැසිය හැකි පිරිසිදු ජෑම් බෝතලයක් ගන්න.
එහි 1/3 පමණ ප්‍රමාණයක් මී පැණියෙන් පුරවා ගන්න.
එයට පිරිසිදු කරගත්, පොතු ඉවත් කළ සුදු ලූණු ගෙඩි බික් ගලවා දමන්න.
භාජනයෙන් මී පැණි සහ සුදු ලූණු සියල්ලම මුළු පරිමාවෙන් 2/3 විය යුත්යි.
ඉතිරි ප්‍රමාණය හිස්ව තබන්න.
දැන් මේ භාජනය හොදින් වසා දින පහක් පමණ තබන්න.
මී පැණිවල ඝන තත්ත්වය අඩු වී එය දියාරු වූ පසු දිනකට එක් සුදු ලූණු බික බැගින් දිනපතාම උදේට හිස්බඩ ආහාරයට ගන්න.
මෙය දිනපතා කිරීමෙන්,
1. ශරීරය කෙට්ටු කර ගැනීමට හැකියි.
2. හදවතේ බලය වැඩි වේ.
3. දියවැඩියාවෙන් ආරක්ෂා විය හැක.
4. කොලෙස්ටරෝල් ප්‍රශ්න ඇති නොවේ.
5. මලබද්ධයෙන් තොරව දිනපතා උදේ ශරීර කෘත්‍යයට විශාල පහසුවක් ඇති කරයි.
6. ඇසට ප්‍රියයි. ඇසේ පෙනීම දියුණු කරයි.
7. උණ අතිසාර ආදී රෝග වලින් පීඩිතව සිට සුව වෙමින් එන අවස්ථාවේදී ආහාරයක් ලෙස ඉතාමත් හිතකරයි.
8. ජීවාණු වලින් ආරක්ෂා කරයි.
9. චිර ජීවනය ලබා දෙයි.
අත්දුටුවයි... සත්තයි
සතුට ඇති කරයි
0 Comments