ඇදෙන් නැගිටපු ගමන් විශාල වතුර වීදුරුවක් පානය කිරීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ, ඉන් විශ්මිත සෞඛ්‍යය ප්‍රහිලාභ රැසක්ම ලැඛෙන නිසාවෙනි.
ඔබත් එය පුරුද්දක් ලෙස සිදුකරනවානම්, වතුර වල රසය වෙනස් වී ඇති බවක් ඔබට බොහෝවිට දැනෙන්නට ඇති.
සීනි සහ ප්‍රෝටීන් අන්තර්ගත ආහාර ඉතාමත්ම පහසුවෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ ඉලක්ක බවට පත්වෙන නිසා, වේගයෙන් නරක්වීමට ලක්වෙනවා. නමුත් ඇඳ අසල රාත්‍රිය පුරාවටම තබා තිඛෙන සාමාන්‍ය වතුර වීදුරුවක එවැනි කිසිඳු පෝෂක ද්‍රව්‍යයක් අන්තර්ගතව නොතිබුනත්, උදෑසනදී පානය කරන විට ඉන් අමුතු රසයක් දැනීම පුදුමයට කරුණක් නේද ?
ීය්රු
රාත්‍රිය පුරාවටම විවුර්ත තිඛෙන වතුර වීදුරුවක දුහුවිලි සහ බැක්ටීරියාවන් විශාල වශයෙන් එකතුවෙන්නට පුළුවන්. ඒවගේම ජලය වාතයට නිරාවරණය වන විට ඒ විසින් කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගන්නා අතර, එම කාබන් ඩයොක්සයිඩ් වලින් සුළු ප්‍රමාණයක් කාබනික් ඇසිඩ් බවට පරිවර්තනය වෙනවා. ඉන් අදහස් කරන්නේ ජලය වාතයට නිවාරණය වූ විට එහි රසායනික සංයුතිය වෙනස් වෙනවා යන්නයි. එම කාබනික් අම්ලය විසින් ප්‍රෝටෝන එකක් හෝ දෙකක් නිදහස් කරන විට එය කාබනේට් හෝ බයිකාබනේට් බවට පත්වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එවිට ජලයේ ඇති පී.එච් අගය අවම වී රසය වෙනස් වෙනවා.
නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, එම ජලය ශරීරයට අහිතකර නැහැ නමුත් රසය වෙනස් වීම සහ දුහුවිලි සහ බැක්ටීරියාවන් තැන්පත්වීම වැනි දේවල් සිදුවෙනවා.
මෙම ලිපිය කියවූ ඔබ එය නැවත පානය කරනවිට, එය පානය කරනවාද නැද්ද යන්න පිළිබඳව දෙවරක් සිතාවි.
0 Comments