කේන්දර බලා කල් මරමින් මනාලියන් සොයා පිරිමි ළතැවෙන්නේ ඇයි?

අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ තමන්ගේ අනාගත විවාහය ගැන පිරිමින් දරන අදහස් පිළිබඳව. මගේ ළඟම ඥාති දියණියකට ගැළපෙන සහකරුවෙක් සෙවීමට දවසක් මම පුවත්පතක තිබුණ මංගල දැන්වීමක් පළ කරපු කෙනෙකුට දුරකථනයෙන් කථා කළා. අකුරක්වත් අඩු නැතිව මේ තියෙන්නෙ ඒ යෝජක මහත්මයා මගෙන් ඇසූ ප්‍රශ්නයි, කිව්ව දේවලුයි.

ළමය හැඩ ද? පෙනුම ද?

වයස කීය ද?

ලග්නෙ මොකක් ද?

පාප කේන්දරයක් ද?

හතේ පාපයො ඉන්නව ද?

කොටුවල ඉන්න ග්‍රහයො ටික කියනව ද ලියාගන්න...

කලින් කා එක්ක හරි යාළුවෙලා ඉඳල තියෙනව ද?

රක්ෂාවක් කරනව ද?

පාස් විභාග මොනව ද?

අම්ම තාත්ත මොනව ද කරන්නෙ?

....මේකනේ මහත්තයො වැඩේ. පෙම් පලහිලව්වක් නැති ගෑනු ළමයෙක් හොයාගන්න එක අද හරිම අමාරු වැඩක්. මම නම් ඒ වගේ අයට කැමති නෑ. පහුගිය මාසෙ කසාදයක් කෙරෙන තරමට එකක් හිතට ඇල්ලුවා. නම නියම කරල දිනත් තීන්දු කළා. කෝකටත් කියල තව ටිකක් හොයල බලනකොට ආරංචි වුණා ඒ ළමයගෙ දෙමවුපියන්ට හොරෙන් ඒ ළමය කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉඳල තියෙනව. ඉතින් එහෙම කෙනෙක් බඳින එක හරිම භයානකයි. මොකද මං බිස්නස්නෙ කරන්නෙ. කවුද දන්නෙ ටිකක් කල් ඉඳල මට වහ ටිකක් දීල මගෙ සේසතම අරන් ඒ කොල්ල එක්ක යයිද නැද්ද කියල... කොහොම වුණත් මම බඳින කෙනා රක්ෂාවකට යවන්න මගෙ කැමැත්තක් නෑ.

ර්‍ණමහත්තයා ඔය කුජ නරක තැන්වල ඉන්න එක හොඳ නැහැල්ලු නේද? ඔය හැමෝම බලන මහ දශාවයි යෝගිනි දශාවයි අතරෙ වෙනසක් තියෙනව ද? යෝගිනි දශාවෙන් හරි විධියට බලන්න පුළුවන්ලු නේද? එතකොට ඔය විසි දෙවෙනි දෙර්කාණාධිපතියගෙ කාලෙ හොඳ නැතිලු නේද? දැන් සෙනසුරු හතේ ඉන්න කොට කසාදයක් කෙරෙන්නෙ නෑ කියන එක ඇත්ත ද? රාහුයි සෙනසුරුයි හතට හොඳ නැතිලු නේද? ශනි මංගල දෝසෙ තියෙන ගෑනු ළමයි බඳින එක භයානකයි නේද?

මේ සාකච්ඡාව තව ටිකක් දිගට ගියා. හැම වාක්‍යයකම තිබුණෙ ඡ්‍යෝතිෂයට සම්බන්ධ වචන පෙළක්. මම ඇහුවා මහත්මයා ඡ්‍යෝතිෂවේදියෙක් ද කියල.

මේ සාකච්ඡාවන්ට සම්බන්ධ පළමුවෙනියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. වයස 42 යි. තවම විවාහයට කෙනෙක් හොයනව. හැබැයි ඒ ගෑනු ළමය කවදාවත් පිරිමි ළමයෙක් ආශ්‍රය නොකරපු කෙනෙක් වෙන්ඩ ඕනෑ. ඊට අමතරව කේන්දරයේ කොටුවල ඔහු හිතාගෙන ඉන්න ග්‍රහයින්ගේ නම් තියෙන්නත් ඕනැ. ඉහළ විභාග පාස් වෙලා තියෙන්නත් ඕනැ. බැන්දට පස්සෙ ගෙදරට වෙලා ඉන්නත් ඕනැ.

දෙවැනියට සඳහන් කෙනා උසස් රැකියාවක් කරන, ගේ දොර ඉඩකඩම්, යාන වාහන තියෙන කෙනෙක්. කේන්දරයටම වහල් වෙලා සහකාරියක් සොයනවා. ධනය, කුලය නොසලකන වරදට සමාව දෙන පිරිසකුත් මේ අතරෙ ඉන්නව. කරුණු කාරණා සොයල බලනකොට ඒ අයත් වරදට සමාව ලැබිය යුතු අය බව පෙනෙනව.

බොහොමයක් පිරිමින් තමන්ගෙ සහකාරිය තෝරාගන්න උත්සාහ කරන්නෙ තමන් කලින්ම සකස් කරගෙන තියෙන න්‍යාය පත්‍රයකට අනුව බව අද දකින්නට ලැඛෙන මංගල යෝජනා දැන්වීම් වලින් පෙනෙනව. මවුපියන්ගේ උපදෙස් අනුව කටයුතු කරන පිරිසකුත් ඉන්නවා. ඒත් ඒ මවුපියන්ගේ තීරණයන්ට පාදක වෙලා තියෙන්නෙ දරුවාගෙ ඕනැ එපාකම්. නමුත් ගැහැනු දරුවන් සම්බන්ධයෙන් මෙය තරමක් වෙනස්. එතැනදි සිදුවන්නේ මවුපියන් විසින් සකස් කරගත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙන එකයි.

සමහරු කේන්දර නැතිනම් ඡ්‍යෝතිෂය විශ්වාස කරනවා. සමහරු විශ්වාස කරන්නෙ නැහැ. විශ්වාස කළත් නොකළත් උපතයි මරණයි අතර තියෙන හිදැස ගෙවෙන්නෙ කර්මය අනුවම පමණයි. උත්පත්ති කේන්දරය කියන්නෙ පෙර භවයන්හිදී කර ඇති කුසල් අකුසල් නිරූපණය වන සිතියමක්. මම හිතන විධියට විවාහ යෝජනාවක් කියන්නෙ ර්‍ණනිසි කල වයස එළඹුණාට පස්සෙ තමන්ගේ වතගොත පමණක් සඳහන් කරල කාට හරි ආරාධනා කරන එක විතරයි අන්න එතකොට පෙර පින් අනුව සුදුසුම කෙනා හමු වෙනව.

විවාහය කියන්නෙ තමන්ට නිත්‍යනුකූල බිරියක් හෝ සැමියෙක් සොයාගන්න එක විතරක් නොවෙයි. එය ඊට වඩා දුරදිග ගිය පවුල් සම්බන්ධතාවක්. විවාහය යාවජීව බන්ධනයක්. විවාහයත් එක්කම පවුලට අලුතෙන් සාමාජිකයෙක් එක් වෙනව. ඒ නිසා විවාහ වාසනාව කේන්දරයේ 7 වැනි කොටුවෙන් හෝ එහි සිටින ග්‍රහයින්ගෙන් පමණක් තීරණය කරන්න බැහැ. ඒ සඳහා පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීම දැක්වෙන 2 වෙනි භාවයත්, අභිමතාර්ථ සාධනය සහ විවාහ බැම්ම දැක්වෙන 11 වෙනි භාවයත් 7 වෙනි භාවය සමඟ සම්බන්ධයක් තිබිය යුතුයි. විවාහය සිද්ධ වෙන්නෙ පෙම් බැඳුමකින් නම් 5 වෙනි භාවයෙන් ඒ බව දැක්වෙනවා. හත්වෙනි භාවය 1, 5, 6, 12 යන භාවයන් සමඟ සම්බන්ධ නම් පෙම් කළත් එය විවාහයකින් කෙළවර වෙන්නෙ නැහැ. ඒ වගේම 7 වෙනි භාවයෙ තීරක ග්‍රහයා බුධ හෝ ගුරු වෙමින් මිථුන, ධනු, මීන යන රාශිවලට සම්බන්ධයක් තිඛෙනව නම් ස්ථිර වශයෙන්ම විවාහ එකකට වැඩි ගණනක් සිදු වෙනව.

කේන්ද්‍රයේ කොතැනක හෝ සෙනසුරු සඳු සමඟ කුමන ආකාරයකින් හෝ සම්බන්ධතාවක් තිබුණහොත් විවාහය ප්‍රමාදය හෝ සිදුවන්නට ඔන්න මෙන්න කියල තියෙන විවාහය කඩාකප්පල් වීම හෝ ප්‍රතික්ෂේප වීම හෝ විවාහයක් සිදු නොවීම හෝ යන කරුණුවලින් එකක් හෝ වැඩි ගණනක් සිදුවෙන්නට පුළුවන්.

මෙවැනි ග්‍රහ සංකූලතා පවතින කේන්ද්‍ර හිමියන් තම විවාහය ගැන එල්ඹිලා සිටින මත නිසාම විවාහයේ සෘණ පැත්තට බර වෙනව. ග්‍රහයින්ගෙන් දැක්වෙන පූර්ව කර්මයන් මෙලොව වශයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය භෞතික හේතූන් ඒ අය අතින්ම නිර්මාණය වෙනව.

පුවත්පත්වල පළවන මංගල යෝජනා දැන්වීම් දිහා බලන විට මේ සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම් දකින්න පුළුවන්.

තවත් වැදගත් දෙයක් තමයි ග්‍රහයින් නව දෙනා අතුරෙන් කුජ, ශනි, රාහු යන ග්‍රහයින් අන්තිම නරක, පාපී ග්‍රහයින් වශයෙන් හංවඩු ගසාගෙන සිටීම. ඡ්‍යොතිෂ්‍ය විද්‍යාව අනුව එහෙම හංවඩු ගහන්න කිසිදු සාධාරණ හේතුවක් හෝ අයිතියක් නැහැ. කේන්ද්‍රය දිහා බැලු බැල්මට මේ කියන ග්‍රහයින් විවාහයට සම්බන්ධ නැහැ කියල පෙනුණට සූක්ෂම ලෙස ගණනය කළ විට කොහෙන් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. විවාහය ගැන දැක්වෙන 2, 7 සහ 11 යන භාවයන්ට අදාළ කරුණු නිශේධනය වෙන ස්ථාන තුනක් කේන්ද්‍රයක තියෙනව. ඒ තමයි 1, 6 සහ 10 යන ස්ථාන. නරක ග්‍රහයින් පැත්තකින් තියල හොඳයි කියන ග්‍රහයින් ගත්තොත් ඒ ග්‍රහයින් 1, 6, 10 යන භාවයකට සම්බන්ධ නම් කොහොමටත් විවාහයක් වෙන්නෙ නැහැ.

ඒ නිසා මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි කිසිම ග්‍රහයෙක් සර්ව සම්පූර්ණයෙන්ම සුබ වෙන්නෙත් නෑ. අසුබ වෙන්නෙත් නෑ කියන එක. කේන්ද්‍රයක හත් වැන්නත්, විවාහයත් යන දෙකම හරිම ගුප්තයි. මේ ගුප්ත දේවල් හාරල අවුස්සල බලන්නෙ නැතිව ඒ ගැන නිවැරැදි තීරණයක් ගන්න බැහැ. ඒත් අද විවාහාපේක්ෂකයෝ බොහොමයක් දෙනා විවාහය ගැන තියෙන ග්‍රහ සිද්ධාන්ත අතැඹුලක් සේ දන්නා ආකාරයටයි කටයුතු කරන්නෙ. මෙයට හොඳ උපහැරණයක් තියෙනව, ර්‍ණනොකෙරෙණ දීගයට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් සොයනව වාගේ කියල.

විවාහ වෙනව කියල කේන්දරේ බලල කිව්වට විවාහය පිළිබඳ සම්බන්ධයක් නැති ග්‍රහයෙකුගේ මහ දශාවෙ ඉන්නව නම් ඒ කාලය තුළ විවාහයක් සිදුවෙන්නෙ නැහැ. කෙනෙකුට වයස අවුරුදු 23 දී විවාහයට හොඳයි කියල කියන ගුරු ග්‍රහයාගේ මහ දශාව ලබල, ගුරු විවාහයට කොහෙත්ම සම්බන්ධයක් නැති ආකාරයකට පිහිටල සිටියොත් වයස අවුරුදු 39 ක් පහුවෙලයි විවාහ කාලය එළඹෙන්නෙ. ගුරුගෙන් පස්සෙ එන්නෙ සෙනසුරා. පාපයෙක් කියල කවුරුත් හොඳ නැහැයි කියන සෙනසුරා හතේ සිටියොත් විවාහය සිද්ධ වෙන්න පුළුවන්. සෙනසුරාත් පල නොදෙන තැනක සිටියොත් තවත් අවුරුදු 19 ක් තනිකඩවයි ඉන්න වෙන්නෙ.

දෙපාර්ශවයේ ගැළපීම හෙවත් පොරොන්දම් ගැන මම මීට කලින් මේ පිටුවෙන් සාකච්ඡා කළා. නමුත් ඒ ගැනත් යමක් මෙහිදී සඳහන් කළ යුතු වෙනව. අපේ රටේ වර්තමානයේ භාවිත කෙරෙන විසි පොරොන්දම් ක්‍රමය කොයිතරම් දුරට සාර්ථක ද කියල ලංකාවෙ කවුරුවත් පර්යේෂණයක් කරල නැහැ. ඒ වගේම සාමාන්‍ය මහජනතාවට ඒ පිළිබඳව දැනුමකුත් නැහැ. දැනුම තියෙන අය තමන්ට පාඩුවක් වෙන නිසා ඒ ගැන යථාර්ථය හෙළි කරන්නෙත් නැහැ. ඒත් ගැහැනියකගෙත් පිරිමියෙකුගෙත් කායික සහ ආධ්‍යාත්මික සම්බන්ධතාවයන්හි සර්ව සම්පූර්ණ තුල්‍ය කිරීමක් විසි පොරොන්දම් වලින් වෙන්නෙ නැහැ. ඉන්දියාවේ සුප්‍රසිද්ධ ඡ්‍යෝතිෂ විශාරදයකු වූ ආචාර්ය බී. වී රාමන් මහත්මාගේ දියණිය වූ ගයත්‍රි දේවී වාසුදේවී මහත්මිය මේ පොරොන්දම් ක්‍රමය ගැන පර්යේෂණය කරල පොතක් ලියල තියෙනව පොරොන්දම් නිවැරැදිව ගළපන ආකාරය විස්තර කරල. උපන් නැකත, ලග්නය, වෘක්ෂය, ගෝත්‍රය ගැළපුනාට ආධ්‍යාත්මික පැත්ත ගැන ඒවායින් හෙළි වෙන්නෙ නැහැ.

ගණ පොරොන්දමටයි, යෝගි පොරොන්දමටයි වැඩි දෙනෙක් බිය වෙන්නෙ ඒව නම් කරල තියෙන ආකාරයටයි. රාක්ෂයින්ටයි මනුෂ්‍යයින්ටයි එකට වසන්ට බැහැ කියන අර්ථයක් ගම්‍ය වෙන නිසා ගණ පොරොන්දමට බයයි. ලිංගික තෘප්තියක් නොලැබී යැයි කියල යෝනි පොරොන්දමට බයයි. පොරොන්දම සම්බන්ධයෙන් ලියවුණ පොත පතෙහිවත් මේවා ගැන ඒකමතික තීරණයක් නැහැ. එක එක පොත්වල එක එක ආකාරයටයි තිඛෙන්නෙ. කෙනෙකුගෙ ආයු කාලය ගැන මේ පොරොන්දම් වලින් කියන්න බැහැ. විවාහක යුවළකගේ කේන්දරවල තිඛෙන යම් යම් ග්‍රහ පිහිටීම් නිසා විවාහයෙන් පස්සේ පිරිමියා නිසා ගැහැනියවත්, ගැහැනිය නිසා පිරිමියාවත් මැරෙනව කියල ඔප්පු කරන්න පුළුවන් සාධක නැහැ. කෙනෙක් ගෙනා ආයුෂ ඉවර වෙන්නෙ තව කෙනෙක් නිසා නොවෙයි. තමන්ගේ පූර්ව කර්මය අනුව පමණයි. පිරිමියා හෝ ගැහැනිය විවාහයෙන් පස්සෙ අනියම් සම්බන්ධතාවයන්ට පැටලෙනව ද කියල හෝ දික්කසාද වෙනව ද කියල හෝ විසි පොරොන්දම්වලින් කියන්න බැහැ.

දෙදෙනෙක් විවාහයට ගැළපීම සඳහා පළමුවෙන්ම බැලිය යුත්තේ ඔවුන්ගේ මානසික ආකල්ප එකිනෙකාට ගැළපෙනවා ද කියලයි. ආකල්ප හැම සත්ත්වයෙකුටම පොදු දෙයක්. පාරම්පරිකව එන ජාන වලින් පුද්ගල චිත්ත සන්තානයේ විවිධ ආකල්පයන් නිර්මාණය වෙනව. පවුල් පසුබිම, පාසල, රැකියාව යන ක්ෂේත්‍රයන්ගේ බලපෑම් නිසා මේ ආකල්ප නිරන්තරයෙන් වෙනස්කම් වලට භාජනය වෙමින් අන්තිමට තමාටම පොදු වූ අනන්‍යතාවක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනව.

ඉන් පසුව ඒ ආකල්ප ඔස්සේ විවිධ පෙලඹවීම් වලට හුරු වෙනව. අපි සාමාන්‍යයෙන් ර්‍ණපුරුදු කියල කියන්නේ ඒ ර්‍ණආකල්ප හා පෙලඹවීම් (Aඑඑසඑමාැි ්බා ඹරටැි) වලට. පේ‍්‍රම සම්බන්ධතා වලදී නම් මේ ආකල්ප හා පෙලඹවීම් තරමක් දුරට හඳුනාගන්න පුළුවන්. නමුත් නන්නාඳුනන කෙනෙක් විවාහයට යෝජනා කළාම ඒ කෙනාගෙ චිත්තාභ්‍යන්තරයෙ තිඛෙන ආකල්පයන් සොයාගන්න තරමක් අපහසුයි. මෙන්න මෙතැනදි තමයි ජන්ම කේන්දරය පිහිටවන්නෙ. දෙපාර්ශවයේම ජන්ම කේන්ද්‍රවලින් එකිනෙකාගේ ආකල්පයන් හා පෙලඹවීම් හඳුනාගෙන ඒවා ගැළපෙනවා ද කියල පරීක්ෂා කිරීමයි පොරොන්දම් බලනව කියන්නෙ.

මෙහිදී ඡ්‍යෝතිෂ්‍ය විද්‍යාව විශ්වාස කළ යුතුම යැයි හෝ පොරොන්දම් බැලිය යුතුම යැයි කියල නීතියක් නැහැ. කේන්දර පොරොන්දම් බැලුවත් නැතත් විවාහයට හමුවෙන්නේ ඉරණම්කාරයම තමයි. එයාගෙ තරාතිරම, වයස, දැන උගත්කම, දේපොළ ඉරණමේ නීතියට අදාළ වෙන්නෙ නැහැ. ඒත් ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සෙ බොහොමයක් දෙනා මේ ගමන යන්න මාවත හොයාගන්න ආලෝකයක් වශයෙන් ඡ්‍යෝතිෂ විද්‍යාව උපකාර කරගන්නට පුරුදු වෙලා ඉන්නව. ඡ්‍යොතිෂය කියන්නෙ බැබලීම නැත්නම් ආලෝකය. එයින් කෙරෙන්නෙ යමක් පැහැදිලිව දැක ගැනීමට අඳුර ඉවත් කිරීමයි. මේ ආලෝකය මිනිසාගේ පිහිටට එන්නෙ කොහොම ද කියල බටහිර වෛද්‍ය විද්‍යාවෙ මූලධර්මවලත් සඳහන් වෙනව.

Post a Comment

0 Comments

Post Labels