පියයුරු පිළිකාවෙන් ආරක්ෂා වෙන්නදිනකට තක්කාලි යුෂ වීදුරුවක් බොන්න

පියවුරු පිළිකා කියන්නේ වර්තමානය වෙන විට කාන්තාවන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙන රෝගී තත්වයක්. නමුත් දිනකට තක්කාලි යුෂ විදුරැවක් පානය කිරීම මගින් පියවුරු පිළිකා වලින් වැළකි සිටිමට හැකිබව ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් තහවුරු කර ගෙන තියෙනවා. කාන්තාවන් තම ආහාරයට ගන්නා තක්කාලි ප්‍රමාණය වැඩි

කිරීම මගින් මෙම රෝගයෙන් ආරක්ෂා වීමට හැකි හෝර්මෝනයක් ඔවුන්ගේ ශරීරයේ නිපදවෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. තවද තක්කාලි වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීම හෝ ඒවා අනුසාරයෙන් සාදා ගන්නා ආහාර කෑමට එක්කර ගැනිම මගින් පියවුරු පිළිකාවලින් වැළකී සිටිය හැකි බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇති බව ඔවුන් ා්සකහප්සක වෙබ් අඩවිය වෙත පවසා සිටියා.

ඔවුන් තවදුරටත් පවසන්නේ ස්ත්‍රීනට මෙම තත්වයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය තක්කාලි ප්‍රමාණය පහසුවෙන් පරිභෝජනය කළ හැකි බවයි. තක්කාලි යුෂ එක් වීදුරැවක් තම ආහාරයට එක්කර ගැනීම මගින් ඛහජදචැබැ නැමති ශාඛ රසායනිකය සිරුරට ඇතුළුවන බවත් එමගින් පිළිකා මර්ධන ශක්තිය ලබාදෙන බවත් පර්යේෂකයෝ කියති.

ලයිකොපෙනේ හොඳින් ඉඳුණු රතුපැහැ තක්කාලි වල අඩංගුවේ. එමගින් පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා තත්වය මර්ධනය කළ හැකි බව ද සොයාගෙන ඇත. තක්කාලි යුෂ පානයට ගැනීමට අකමැති අයට ඒවායින් සෑදු සුප් හෝ සෝස් මගින් අවශ්‍ය රැකවරණය ලබා ගැනීමට හැකියාව ඇත.

නිව් ජර්සි හි රැටිජර්ස් සරසවියේ පර්යේෂකයන් වයස 55 ඉක්මවු කාන්තාවන් 70 දෙනෙකු මේ පර්යේෂණය සදහා යොදාගෙන ඇත. ඔවුන්‍ සාමාන්‍ය පරිදි තක්කාලි අනුභව කරන අවස්ථාවක දී හා තක්කාලි අනුභව කරන ප්‍රමාණය වැඩිකැර සති දහයක් යනතුරු මැන බැලීම් සිදුකැර තිබේ. පරීක්ෂණයට සහභාගී වූ කාන්තාවන් සියළු දෙනා අධික බරෙන් යුතු හා පියයුරු පිළිකා සමග කිට්ටු සබදතා සබඳතා පැවති අය විම ද විශේෂත්වයකි. ඔවුන් දිනකට ලබාදුන් තක්කාලි යුෂ වීදුරැවේ අඩංගුව තිබු ලයිකොපෙනේ ප්‍රමාණය මගින් ඇඩිපොනෙක්ටින් නැමැති හෝර්මෝනයේ ප්‍රමාණය සියයට නමයකින් ඉහළ ගිය බව පර්යේෂකයන් තහවුරු කැරගෙන ඇත. ඇඩිපොනෙක්ටින් නැමැති හෝර්මෝනය මේදය මට්ටම පාලනය හා පියවුරැ පිළිකා මර්ධනය කිරීමට සමත්වන්නකි. මෙම හෝර්මෝන වල මට්ටම සිහින් සිරැරක් ඇති කාන්තාවන්ගේ ඉහළ අගයක තිබේ. පර්යේෂක අදනා ලනොස් පැවසුවේ මෙම ප්‍රථිපලයන් මගින් පෙන්නුම කළේ තරබාරැකමින් වැළකී සිටීමේ හැකියාව බවයි.


කලින් කරන ලද පර්යේෂන මගින් ද ලයිකොපේන් මගින් පියවුරු පිළිකා ඇති කරණු ලබන ෙසෙල වැඩිම හා ව්‍යාප්තිය නැවැත්වු බව සොයාගෙන තිබිනි.

තක්කාලි ඉහත කී සංයෝගය වැඩිම මුලාශ්‍රය වුවත් පේර, පත්තක්කා, ගස්ලබු සහ මිදි වලද ස්වල්ප වශයෙන් ලයිකොපේන් අඩංගුවේ. එම අහාර ද සිය කෑම වේලට එක්කැර ගැනීමෙන් ‍අපේක්ෂිත ප්‍රතිඵල අතකැරගත හැකි වුව ද තක්කාලි වලින් තරම් කඩිනමින් එය කරගත නොහැකි බව ද පර්යේෂකයන් පෙන්වා දී ඇත.

Post a Comment

0 Comments

Post Labels