දිගු කෙස් කළඹක් සතියකින්...

දිගු කෙස් කලබක් සතියකින් වවාගන්න කවුරුත් කැමති. කොන්ඩේ වවාගන්න ක්‍රම මේ ලෝකේ ගොඩාක් තියනවා. සමහර අය කොන්ඩේ Olive oil ගානවා. තව සමහර අය කොන්ඩේ ඉස්සරහ විතරක් layer කරනවා. තවත් අය කියනවා කොළ ජාති කන්න කියලා. තවත් අය ඔලුවට Vitamins ජාති දානවා. මේ ඔක්කොගෙන්ම ඔයාගේ කොන්ඩේට ලැබෙන්නේ එක එක පෝෂණයක් විතරයි. ඔව්. Olive oilවලින් දිග වරලසක් ලබා ගන්න පුළුවන්. පෝෂණයකුත් ලැබෙනවා. එත් කොන්ඩේට ලස්සනක් එහෙමත් නැත්නම් පොඩි shine එකක් නිසියාකාරව ලැබෙන්නේ නෑ. Layer කලොත් නම් කොන්ඩේ තියන ලස්සන නැති වෙනවා. හැබැයි කොන්ඩේ යන්තමට වගේ වැවෙයි. පස්සේ හිතෙනවා අපරාදේ කොන්ඩේ කැපුවේ කියලා. Vitamins හෙවත් Vitamin E කොන්ඩේට දානවා. පෝෂණයක් ලැබෙනවා. එත් වැවෙන්නේ හරි හෙමින්.

කොන්ඩේ වැවෙන්න කරන්නේ මොනවද?

සමහර අයගේ කොන්ඩේ දිගයි. හැබැයි පෝෂණය මදි. සමහර අයගේ කොන්ඩේ වැවෙන්නේ නෑ. පෝෂණය ඇති. සමහර කාන්තාවන්ට මේ ඔක්කොම තියනවා හැබැයි කොන්ඩේ Shine එක නෑ. මේ ඔක්කොටම එකම එක විසදුමක්‌ තියනවා.

ඒ තමයි බිත්තර පෝෂණ සත්කාරය. මේක ඇහුව ගමන් අපේ කාන්තාවන් ඊයා කියනවා. ඒ බිත්තරවල තියන පිලී ගතිය නිසා. නෑ. බිත්තර විතරක් දාලා මදි. ඒකට Olive oil, මී පැණිත් එකතු කරනවා. මේවා එකතු වුණාම බිත්තරවල තියෙන පිලී ගතිය නැතිවෙලා යනවා. හැබැයි 100%ක්ම නැති වෙනවා කියලා මම කියන්නේ නෑ. මේකට දෙහි බින්දුවක් දාන්නත් පුළුවන්. එතකොට තවත් බිත්තරවල තියෙන ගද අඩු වෙනවා.

දැන් මම කියන්නම් මේ ජාතිවලින් කොන්ඩේට ලැබෙන පෝෂණය කොයි වගේ ද කියලා.

1.බිත්තර - ඔබේ වරලසට ඉතා හොද පෝෂණයක් ලබා දෙන අතර ඔබේ වරලස සිනිදු කරයි.

2.Olive oil - Olive oilවලින් ඔබේ වරලස වැඩෙන ප්‍රමාණය වැඩි කරයි.


3.මී පැණි - මී පැණි මගින් ඔබේ වරලසට දිලිසීමක් ලබා දෙන අතර බිත්තරවල තියෙන පිලී ගතිය අඩු කරයි.

මේක හදන්නේ මෙන්න මෙහෙම.

ඉස්සෙල්ලම පොඩි පිරිසිදු bowl එකක් අරගෙන කඩාගත් සම්පුර්ණ බිත්තරය දමා beat කරගන්න. දැන් Olive oil සහ මී පැණි මේස හැදී එක බැගින් දමා හොදින් beat කරගන්න. දැන් එය හිස් කබල මත ආලේප කර විනාඩි 5ක පමණ කාලයක් නොනවත්වා සම්බාහනය කරන්න.
මේක ගාලා සෝදන්න ක්‍රමයකුත් තියනවා.

ඉස්සෙල්ලම ඔලුව සෝදන්න වතුරෙන්. ඇල් වතුරෙන් සෝදන්න ඕනෙ. සෝදලා Shampoo දාලා ආයේ සෝදන්න. ඊට පස්සේ වේලලා Silicone oil ටිකක් කොන්ඩේ ආලේප කරන්න.

Post a Comment

0 Comments

Post Labels