ඔබ ඔබම වන්න.

ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන්න. මේ සමහර දේවල් නම් ඔයාලා දැනටත් පුරුද්දක් වශයෙන් කරගෙන යනවා ඇති. හැබැයි ඔයා එහෙම කරන්නේ නැත්නම් අද ඉඳන් මේ පුරුදු ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. මොකද අපි කැමැතියි ඔයා ලස්සනට ඉන්නවට.

Deodorant භාවිතය.
Deodorant එකක් භාවිතය තුළින් ඔබ තුළ වඩාත් ප‍්‍රියමනාපභාවයක් මතුකර ගැනීමට හැකිය. විශේෂයෙන් වැඩි වශයෙන් අව් රශ්මියට නිරාවරණය වන ඝර්ම කලාපීය රටක් වශයෙන් ශරීරයේ වැඩි වශයෙන් ඩහදිය දැමීම නොවැළැක්විය හැකි කරුණකි. මේ නිසා බොහෝ දෙනා දිවා කාලයේ ගමන් බිමන් යාමට දක්වන්නේ මැලිකමකි. නමුත් ඔබට ගැළපෙන Deodorant එකක් භාවිතයෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය. එසේම හොඳ තත්ත්වයේ සුවඳ විලවුන් වර්ගයක් භාවිත කිරීමද වැදගත් කරුණකි. සුවඳ විලවුන් භාවිතයේදී ගුණාත්මක බවින් තොර නිෂ්පාදනයකට වඩා Branded නිෂ්පාදනයක් භාවිතය ඔබ සමාජය තුළ වැඩි අවධානයකට ලක්වීමට හේතුවනු ඇත.

Make-up අඩුවෙන් යොදන්න.
Make-up වැඩි වශයෙන් භාවිත කිරීම ඔබට අශෝබන පෙනුමක් ළඟා කරන්නකි. හැකි සෑමවිටම ඔබේ ස්වභාවික පෙනුම වැඩිකිරීම සඳහා Make-up භාවිත කරන්න. Foundation එකක් යෙදීමේදී එය මුහුණ මත වෙනම තට්ටුවක් සේ දිස්වන ලෙස ගැල්වීමෙන් වළකින්න. Lip balm එකක් භාවිත කිරීමට හැකිනම් ඉතා වටිනා අගයක් ඔබේ තොල් පෙති මතට එක්වනු ඇත. අනවශ්‍ය ලෙස Lipstick භාවිතා නොකර තොල් bold කිරීමට පමණක් යොදාගන්න.

දන්ත සෞඛ්‍ය රැකගැනීම.
දිනපතා දවසට දෙවරක් දත් මැදීම ඉතා වැදගත්ය. හැකිනම් Mouthwash එකක් භාවිත කරන්න. එය ඔබේ මුඛයේ නැවුම් බව තබා ගැනීමට ඉතා වැදගත් වනු ඇත. සීනි රහිතව නිපදවන Chewing gum එකක් ඔබේ ආහාර වේලකට පසු සැපීමට හැකිනම් එය ඔබේ දන්ත සෞඛ්‍ය ඉහළ දැමීමට හේතුවනු ඇත. නමුත් Mint අඩංගු Chewing gum නිතර භාවිතය ඔබේ ආශ්වාස ප‍්‍රශ්වාස කාර්යයට බාධාවක් වනු ඇත. එසේම Gastritis වැනි රෝග තත්ත්වයන් ඇති අය Chewing gum භාවිතයේදී සැලකිලිමත් විය යුතුය.

නිරෝගී වීම.
ශරීරයේ හැඩය පවත්වාගෙන යාම හා නිරෝගී වීම යනු එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. නීරෝගී අයකු වීමට වැදගත්ම කරුණ නම් පෝෂ්‍යදායී හා නිවැරදි ආහාර පුරුදු පවත්වාගෙන යාමයි. හැකිතරම් පිෂ්ටය හා සීනි අඩංගු ආහාර මඟහැර එළවළු සහ පලතුරු ආහාර වේලට එක්කර ගැනීම වැදගත්ය. දිනකට අවම වශයෙන් විනාඩි 30ක් 60ක් අතර කාලයක්වත් ව්‍යායාම කිරීම මෙන්ම හෘදයේ ක‍්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගැනීමට වැදගත්වන දිවීම වැනි කාර්යයක විනාඩි 30ක් වත් නිරත වීමට හැකිනම් ඔබේ නිරෝගීභාවයට ඉතා වැදගත් වනු ඇත. ඔබේ ආහාර වේලට එකතුවන කැලරි ප‍්‍රමාණය ඉක්මවා ඔබට කැලරි දහනය කිරීමට හැකිනම් තවදුරටත් ආහාර වේල් මඟහැරීම අවශ්‍ය නොවනු ඇත.

ගැළපෙන ඇඳුම් අඳින්න.
ඔබේ සිරුරට උචිත විලාසිතාවන් තෝරාගන්න. ඔබ ශරීර ප‍්‍රමාණයෙන් තරමක් වැඩි අයෙක් නම් කිසිවිටෙක ශරීරයට හිර විලාසිතාවන් සඳහා යොමු නොවන්න. හැමවිටම ඔබේ ඇඳුම් පිරිසුදුව තබාගැනීම වැදගත්ය. රැළි වැටුණු හෝ පොඩිවුණු ඇඳුම් ඇදීම අනිකා ඔබ කෙරෙහි අප‍්‍රසාද තත්ත්වයක් ජනිත කරනු ඇත. ඒ නිසා සෑමවිටම තම ඇඳුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.

ඔබේ හිසකෙස් ගැන සැලකිලිමත් වෙන්න.
සතියකට දෙතුන් වතාවක්වත් හිස කෙස් සඳහා Shampoo යෙදීම හා Conditioner යෙදීම සිදුකරන්න. ස්වභාවික තෙල් වර්ගයක් දිනපතා ගැල්වීමට හැකිනම් එය ඔබේ හිසකෙස් සඳහා ඉතා අගනා සාත්තුවකි.

නිය ආලේපන භාවිතය.
Nail File එකක් හෝ Nail Clipper එකක් භාවිත කර නිය අවශ්‍ය ලෙස සකසා ගැනීම කළ හැකිය. මීට Manicure Scissor එකක්ද උදව් කර ගැනීමට හැකි නම් ඉතා පහසු වනු ඇත. ඔබ ස්වභාවික පෙනුමකට ප‍්‍රිය කරන්නේ නම් පැහැදිලි නිය ශක්තිමත් කරන ගල්වනයක් භාවිතය හෝ උදාසීන නිය ආලේපන වර්ගයක් භාවිත කළ හැකිය. ළා දුඹුරු පාට හෝ ළා රෝස පාට මේ සඳහා වඩාත් උචිත වර්ණයන්ය. නමුත් ඔබට තද වර්ණයක් භාවිත කිරීමට අවශ්‍ය නම් Nail Art එකක් සඳහා යොමුවීම සුදුසුය.

අනවශ්‍ය රෝම ඉවත් කරන්න.
ඔබේ සිරුරේ ඔබට අනවශ්‍ය යැයි හැඟෙන රෝම තිබේ නම් ඒවා ඉවත් කිරීමට පසුබට නොවන්න. Shave කිරීම හෝ Wax කිරීම මඟින් ඔබට අලංකාර පෙනුමක් ලැබෙනු ඇත. ඔබ පිරිමි අයෙක් නම් මුහුණේ රැවුල කැපීමෙන් වෘත්තීමය පෙනුමක් ලබාගත හැකිය. Shave කිරීමේදී, Shaving Foam එක වැඩි වශයෙන් තැවරීම මඟින් සමට වන හානිය අවම කරගත හැකිය. නමුත් Shave කිරීම අසීමිත ලෙස සිදුකිරීම රෝම ගොරෝසු වීමට හේතුවේ. ඒ නිසා දිනපතා Shave කිරීම වැනි පුරුදුවලින් ඉවත්වීම වඩා සුදුසුය.

සිනහවන්න.
සිනහව ඔබ ප‍්‍රියමනාප අයකු බවට පත්කරයි. නමුත් ඔබේ දත් දෙපළ ගැන සිනහවීමට පෙර අවධානය යොමුකරන්න.

Post a Comment

0 Comments

Post Labels