දෙතන නම් ඇත නමුත් කිරි නැත BREAST FEEDING

තම කුසින් උපදින කිරි කැටියා වෙනුවෙන් කිරි පොදක්‌ උපදින්නේ නැති අම්මලා ගැන අපි හීනෙකින්වත් හිතා තිබුණේ නැත. අපේ ඇත්තන් ජීවත් වුණේ පුංචි එකෙකුගේ මොළකැටි හ`ඩ ඇසෙන විට අහළ ගම් හතක අම්මලාටත් කිරි එරුණු මිනිස්‌සු අතරය. එහෙත් අද අපට තම කුසින් ඔත් දරුවා වෙනුවෙන් කිරි නොඑරුණ මවුවරුන් ගැන සමාජ ප්‍රශ්නයක්‌ සේ සලකා කතා කරන්නට සිදුවී තිබෙන්නේය.

මේ වන විට දරු උපත් ස`දහා රෝහල්ගත වන තරුණ මවුවරුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට දරුවා පෝෂණය කිරීමට අවශ්‍ය මව් කිරි ප්‍රමාණවත් තරම් එරෙන්නේ නැත. සියයට පහකට ආසන්න ප්‍රතිශතයකට කිරි පොදක්‌වත් නැත. මෙවැනි කිරි වියලුණු අම්මලා පස්‌ දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක්‌ සෑම රෝහලකම ප්‍රසව හා නාරිවේද සායනවලදීත් දරු උපත් සිදුවන වාට්‌ටුවලදීත් සැම දිනකදීම වාර්තා වේ.

මෙලොව බිහිවී පළමු පැය දෙක තුළ මවගේ තනයේ උනන කොලස්‌ටම් සහිත කිරි බි`දු දරුවකුගේ ජීවිත කාලයම සුරක්‌ෂිත කරන ප්‍රතිශක්‌තිකරණය ලබා දෙන්නේය. එය සොබාදහමින් මිනිසාට දායාද කළ වාසනාවකි. බිළිඳෙකුගේ සමබල පෝෂණය වන මව්කිරිවල ගුණය නිසි පරිදි නිසි කලට නොලැබීම මත ඔවුහු අනාගතයේ නියත රෝගීහු වෙති. සුවදායි මව්කිරෙහි පූර්ණ ගුණය නොලබන බිළිෙ`දාa දුර්වල ප්‍රතිශක්‌තිකරණයක්‌ ඇත්තෝ වෙති. ළදරු වයසේ නිශ්චිත වර්ධන අවස්‌ථා නොපෙන්වති. පසුකාලීනව කල්පනා ශක්‌තියෙන් හීන වූ බෙලහීන අලසයන් වන්නේ නිසි ආකාරයෙන් මවුකිරෙන් පෝෂණය නොවූ දරුවන්ය.

ජාතියක බි`දවැටීමේ පදනම නිර්මාණය වන්නේ එසේය. රටේ අම්මාවරුන්ගෙන් සියයට 20 පමණ දරුවා වර්ධනය කරගැනීමට අවශ්‍ය මවු කිරි ප්‍රමාණවත් තරම් නැත. සියයට 5 වැඩි ප්‍රමාණයකට මවු කිරි ඇත්තේම නැත. තවත් සුළු ප්‍රතිශතයක්‌ ස්‌වකීය ස්‌ත්‍රී නාරි ලාලිත්‍ය රක්‌ෂා කරගැනීම ස`දහා දරුවන්ට කිරි දෙන්නේ නැත. ස්‌වකීය ලෙයින් පෝෂණය කළ යුතු දරුවන් උදෙසා කිරි පොදක්‌ දෙන්නට නොහිතෙන මේ කාන්තා ප්‍රතිරූපක ගැන නම් දෙවියෝ බලා ගන්නවා ඇත. ඇත්ත නම් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවදානමක්‌ ඇත. මේ ඇත්තියන් අන්තිමට නවතින්නේ තමන්ගේ දරුවන්ට වඩා ආදරය කළ දෙතන සැත්කම්වලින් ඉවත් කරගැනීමෙන් අනතුරුව මිනී පෙට්‌ටියක්‌ තුළය.

අම්මලාට කිරි එරෙන්නේ නැත්තේ ඇයි?. මේ ගැන ප්‍රසව හා නාරිවේදය පිළිබ`ද විශේෂඥ වෛද්‍යවරු මෙන්ම සමාජ මනෝ විද්‍යාඥවරුද අදහස්‌ පළ කරති.

වෛද්‍ය මතයට අනුව මව් පදවිය ලබන කාන්තාවකගේ දෙතනෙහි කිරි එරෙන්නට බෙහෙවින්ම ඉවහල් වන්නේ මානසික සැනසිල්ලයි. Reක්‌ං පසබා aබා රුරෙesය පසබා හෙවත් ලිහිල් මානසික සුවයත්, ප්‍රබෝධමත් මනසත් මවකට ආශිර්වාදයක්‌ බව වෛද්‍යවරු පවසනවා. ඖෂධයකින් ලබා දිය හැකි සුවයකට වඩා මිනිස්‌ සිරුරෙන් ස්‌වභාවිකවම උත්තේජනය වන ස්‌නායු ඔස්‌සේ අතොරක්‌ නැතිව මව්කිරි වෑහෙන්නේ එවන් පසුබිමක්‌ මත යෑයි පරීක්‌ෂණ හරහාද සනාථ වී තිබෙනවා. මෙය දිනකින් දෙකකින් හෝ මාසයකින් දෙකකින් කළ හැකි ආශ්චර්යයක්‌ නොවෙයි. බිෙ`දන් බිද සිරුරේ වර්ධනය සිදුවන්නා සේම මවක ලෙස උත්තරීතර වූ පදවියක්‌ පිරිනමන්නට සොබාදම් මව ඉවසිලිවන්තව කාලයක්‌ බලා ඉන්නවා. එපරිද්දෙන්ම දියණියකගේ සිතද කයද මව් පදවියට සුදුසු පරිදි හැඩගැසිය යුත්තේ ක්‍රමිකවය.

කිරි එරෙනවා කියන එක ජෛව විද්‍යාත්මක මෙන්ම මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌ නම් දරුවෙක්‌ වෙනුවෙන් කිරි එරෙන්නෙ නැති මවකට කායික මෙන්ම මානසික ගැටලු රාශියක්‌ තියෙන්න පුළුවන්. අප දකිනවා විවිධ අකටයුතුකම් නැත්නම්, අනවබෝධයෙන් මත උපදින සම්බන්ධතා මත විවාහ වන්නට සිදුව දරුවන් බිහිකළ මව්වරුන් තම කිරිකැටියාගේ කුස පුරවන්නට කිරි නොමැතිව රෝහල්වල වෙසෙනවා.

දැරියක්‌ මවක්‌ ලෙස නිර්මාණය කිරීම ඉතාම සරල කාරණාවක්‌ නොවේ. එය සම්මුතිගත සමාජ ක්‍රියාවලියක්‌. ඒ ක්‍රියාවලිය අද සම්පූර්ණයෙන්ම විතැන් වෙලා ඉවරයි.

අද සමාජයේ දැරියක්‌ කුඩා අවධියේ සිට හැදෙන්නෙ ඉතාම පීඩාකාරී කෘතිම පරිසරයක්‌ ඇතුළෙ. අනාගතයේ මවක්‌ වන්නට උචිත ගැහැණියක්‌ ලෙස ගොඩනැඟෙන්න අවශ්‍ය පරිසරය ඒ දැරියන් ගෙන් ඉවත්වෙමින් තියෙන්නෙ ඉතාම ශීඝ්‍රයෙන්.

අතීත දියණියකගේ ළමා කාලය සිහිකරන්න. ඇයගේ මනස සන්සුන්. ඇය ඇති දැඩි වන්නේ දෙමව්පිය වැඩිහිටියන්ගේ ආදරය කරුණාව දයාව පිරි හුරතලය සමඟ. ඇය තම මව පියා ආච්චි සීයා නැන්දා මාමා ඇසුරෙහි ඉගෙන ගන්නවා. කතන්දර අහනවා. රසවි`දිනවා. ඒ ඒ චරිත අනුකරණය කරනවා. තම සහෝදර සහෝදරියන් සමඟ සෙල්ලම් ගෙවල් දමා ඒ ඒ චරිතවලට පණ පොවනවා. බෝනික්‌කන් නළවනවා.

වයස අවුරුදු දහය ඉක්‌මවන තුරුම අතීත දියණිවරුන්ට ළමා කාලය නොඅඩුව භුක්‌ති විඳීමට ඉඩ සැලැස්‌සුවෙ ඔවුන්ගේ දෙමව්පියන්. ඔවුන්ගේ ගුරුවරු. අද දරු පැටවුන්ගෙ කටේ කිරි සුව`ද ඉක්‌ම යන්නටත් පෙර ටියුෂන්වලට තමන්ගෙ දියණිවරු ගාල් කරන්නෙ එදා ඉතාම නිදහස්‌ව ජීවිතය වි`දපු අම්මලාමයි.

බොහොමයක්‌ වත්මන් වැඩිහිටියන්ගේ අරමුණ තම දරුවා තරුවක්‌ කිරීම. සැබෑ දක්‌ෂතාවය කුමක්‌ වුවත් කුඩා දරුවා තරුවක්‌ ලෙස රටේ ප්‍රසිද්ධ කිරීමට වෙර දරණ දෙමව්පියන් ඕනෑතරම් අප අතර ඉන්නවා. මේ සංස්‌කෘතිය වින්දනය කරන දියණිවරු බොහෝ දෙනෙක්‌ හැදෙන්නෙ ලැඡ්ජා බය නැතිව.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු දොළහක්‌ ඉක්‌මවූ වයස අවුරුදු දහසයට අඩු මව්වරුන් ගේ සංඛ්‍යාත්මක දත්ත මාසයෙන් මාසයට ඉහළ යනවා. ඒ අනුව දියණියකට සිය තරුණ අවධිය සතුටින් නිරවුලෙන් ගත කරන්නට ඉඩක්‌ නොලැබෙන්නා සේම, මෙලොව එළිය දකින නොදරුවාට උත්තරීතර මව් සෙනෙහස ද පරිපූර්ණ ලෙස අත්විඳීමට ඇති ඉඩ අහෝසි වෙනවා.

දියණියක්‌ අනාගත මවක්‌ සේ දරුවන් සිය මව්කිරෙන් පෝෂණය කරන්නට නම්, වැඩිවිය පත්වූදා සිටම මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය යුතුමයි. සන්සුන් මානසික සුවය, යහපත් සෞඛ්‍ය පුරුදු, පවිත්‍ර ෙච්තනාවන්, මනා පෝෂණය, මෙන්ම යහපත් ඇසුරු කිරීම අවශ්‍යයි. මේ පරිසරය අපි අපේ දරුවන්ට හදලා දීලා තියනවද කියලා හිතනකොට අනාගතය මොනතරම් බරපතළ විය හැකිදැයි අපට හිතෙනවා. අපයෝජනයක්‌ හෝ ස්‌ව කැමැත්තෙන් තම පාරිශුද්ධත්වය විනාශ කරගන්නා තත්ත්වයකින් අපේ තරුණ දියණිවරුන්ගේ මානසිකත්වය අවුල් වීමේ ඉතා වැඩි අවදානමක්‌ අද නිර්මාණය වෙලා තියනවා. ඒ ස`දහා ඇතැම් මාධ්‍ය ලබාදෙන අශ්ලීල උත්තේජන බොහොමයි.

සමාජයේ බලපෑම මොන ආකාරයක වුවත් මෙම ව්‍යසනයට පූර්ණ ලෙස වගකිවයුත්තේ දැරියන්ගේ දෙමව්පියන්මයි. ස්‌වකීය දරුවන්ගේ රැකවරණය සහ යහ පැවැත්ම සහතික වීම ඇත්තේ ඔවුන් අතෙයි. දියණියකගේ මානසික සුවය නොරැෙ`දන තැනක්‌ කියන්නෙ අනාගත අසාර්ථක ගැහැණියකගේ, මවක්‌ නිර්මාණය කරන සුසානයක්‌. එවැනි දරුවන් මවුවරුන් වෙන කාලයකදී ඔවුන්ගේ දරුවන් පෝෂණය කරන්න කිරි බි`දක්‌ නොලැබීම අපේක්‌ෂා කළ යුතුයි.

ප්‍රාමාණිකයන් මෙසේ අපට කියන්නේ අනාගත ජාතික ව්‍යසනයක යථාර්ථය ය. දැනට කිරි වියලූණු මවුවරුන් හමුවන්නේ සියයට 5 ක්‌ නම් අපේ දරුපැටවු මවුවරුන් වන වකවානුවක ඇතිවිය හැකි තත්ත්වය මොනතරම් බරපතල විය හැකිදැයි සිතා බැලිය යුතුව ඇත. අර්බුදය තීව්‍ර වනු ඇත්තේ අනාගතයේදී කිරි වියෑලුණු මවුවරුන්ගේ අඩුව පුරවන්නට රටට කිරි මව්වරුන් ආනයනය කරන්නට බැරි නිසාය.

මන්දහාසී රඹකැන්වත්ත

Post a Comment

0 Comments

Post Labels