අද කියන්න යන්නේ මරු වැඩක් ගැන. අපේ කෙල්ලෝ මුහුණ හා ශරිරියේ අනෙකුත් ප්‍රදේශ පැහැපත් කර ගන්න එක එක ජාති පසං කරලා ආලේප කරනවනේ. හැබයි කෘතීම දේවල් වලට වඩා ස්වාභාවික දේවල් තුලින් තමයි ගොඩක් වෙලාවට කල්පවතින සුදක් ලබා ගන්න පුළුවන්. ඔයලා දන්නවද කෝපි වලිනුත් සුදු වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ කෝපි බීලා නම් නෙවෙයි. කෝපි ඇගේ ගාලා
කොපි වලින් මුහුණේ scrub එකක් කරමු
මේ සදහා ඔබට අවශ්‍ය වෙන්නේ,
කොපි කුඩු තේ හැඳි 1 යි
කොකෝවා චදආැර තේ හැඳි 1යි
මී පැණි තේ හැඳි 1 යි
පොල් තෙල් තේ හැඳි 1 යි
කිරි කෝප්ප කාලයි
හරි මේ ටික එකට කලවම් කර ගන්න
මුහුණේ ආලේප කිරීමට පෙර උනු වතුරින් තෙත් කර ගත් පිරිසිදු රෙදි කඩකින් මුහුණ පිස දා ගන්න. එතකොට තමයි මුහුණේ තියෙන pores නැත්තම් ඉතා කුඩා විවර හොදින් ඇරෙන්නේ.
ඊට පස්සේ මේක ගාලා විනාඩි 20 ක් ඉන්න
විනාඩි 20කින් පස්සේ වතුර ටිකක් එහෙම මුනේ ගාගෙන හොදින් ටික වෙලාවක් සම්බාහනය කරන්න
ඉන්පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
කෝපි හා දෙහි mask එකක් දාමු
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ
කෝපි කුඩු අවශ්‍ය ප්‍රමානයක්
හොදම තත්වයේ olive oil අවශ්‍ය තරම්
දෙහියුෂ තේ හැඳි 1 යි
වතුර තේ හැඳි 1 යි
මුලින්ම මේ ටික හොදින් mix කර ගන්න.
මුහුණ හොදින් clense කර ගන්න
මුහුණේ ආලේප කරලා හොදින් scrub කර ගන්න විනාඩි 10- 20ක්
ඊට පස්සේ කරන්න තියෙනවා තවත් වැඩක් ඒ තමයි නැවත දෙහි යුෂ , olive තෙල් හා වතුර යන තුන එකට පසං කරලා මුහුණ cleanse කර ගන්න එක
මේ ටික ඔක්කොම ඉවර උනාම ice කැට වලින් මුහුණ හෝදන්න. එතකොට මුහුණේ pores එහෙම ඔක්කොම වැහිලා මේ කරපු වැඩේ හොදට මුහුණට අල්ලනවා
කෝපි වලින් body scrub එකක් කරමු
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ,
කෝපි කුඩු කෝප්ප කාලයි
සීනි කෝප්ප කාලයි
olive තෙල් තේ හැඳි 2 යි
හරි දැන් අපි බලමු මේ body scrub කරන්න හොදම වේලාව මොකක්ද කියලා. හොදම වේලාව තමයි නාන වේලාව. ශරීරය ගානට තෙත් කර ගෙන මේ ඉහත කිව්ව ද්‍රව්‍ය හොදින් පසං කරලා හදා ගත්තු ආලේපනය හොදින් ශරීරයේ ගා ගන්න. ඊට පස්සේ විනාඩි 10- 15 ක් විතර හොදින් සම්බාහනය කර ගන්න. ඔබට තේරේවි ඔබේ සම මෘදු හා සෞම්‍ය වෙනවා. ඊට පස්සේ මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
තව කෝපි වලින් කොන්ඩේට කරන්න පුළුවන් සත්කාරත් තියෙනවා. ඒ ගැන ඊලග ලිපියෙන් කියලා දෙන්නම් ඔයාලට සුබ දවසක්
0 Comments