දිනකට කෝපි කෝප්ප 3ක් හෝ ඊට වඩා වැඩියෙන් පානය කලොත් කාන්තාවන්ගේ පියයුරු කුඩාවෙන බව අනාවරණය කරගැනීමට විද්‍යාඥයෝ සමත් වී ඇත.
කාන්තාවන් 300 දෙනෙකුගේ පියයුරු වල ප්‍රමාණයන් සහ ඔවුන්ගේ දයිනික කෝපි පරිභෝජනය පරික්ෂා කරබැලීමේදී ඒ බව වැඩිදුරටත් සනාත වී තිඛෙනවා.
එම පර්යේෂකයින් පවසන පරිදි, දිනකට කෝපි කෝප්ප 3ක් පරිභෝජනය කලත් කාන්තාවන්ගේ පියයුරු හැකිලීම සිදුවෙනවා. දයිනික කෝපි පරිභෝජය වැඩිවෙන්න වැඩිවෙන්න පියයුරු හැකිලීමේ වේගයද ඉහලයන බව හෙළිවී තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.
කාන්තාවන් අතරින් හරි අඩක් තරම් වූ පිරිසකගේ ජාන මේ සඳහා යම් සංවේදීතාවයක් දක්වනවා. අන්න එම හේතුව නිසා තමයි කෝපි පානය කිරීම්දී ඇතැම් කාන්තාවන්ගේ පියයුරු කුඩාවෙන්නට පටන් ගන්නේ. ඔබේ පියයුරු වල ප්‍රමාණය කුඩා නම් ඒ සඳහා වගකිවයුතු වන්නේ ඔබේ කෝපි පරිභෝජනය වෙන්නට පුළුවන්.ල පැ්ක චක්බල දෙදාිල ාැඑදංල ්සර චක්බැ
ස්වීඩනයේ ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යය වරියක් වන හෙලේනා ජර්න්ස්ට්රෝන් මහත්මියද පවසන්නේ, අධික කෝපි පරිභෝජනය නිසා කාන්තාවන්ගේ පියයුරු වලට විශාල බලපෑමක් ඇතිවීමේ හැකියාවක් ඇති බවයි.
(කෝපී පරිභෝජනය කරන කාන්තාවන් අනියත බියක් ඇතිකරගත යුතු නැහැ, මොකද පියයුරු කුඩාවීම එක් රයකින් සිදුවෙන දෙයක් නොවෙයි. පියයුරු කුඩාවුනත් අතුරුදහන් වී යන්නේ නැතිබවද හොඳින් මතක තබාගන්න)
කාන්තාවන්ට කෝපි අගුනය යන වැරදි මතයට පැමිණෙන්න එපා. මොකද, කෝපි පරිභෝජනය කිරීම්දී කාන්තාවන්ට පියයුරු පිළිකාවන් වැළදෙන්නට තිඛෙන අවදානම් තත්වය අවම වෙන බවද පර්යේෂණයන් වලදී හෙළිවී තිඛෙනවා.
0 Comments