ඔබ හිතන් ඉන්නවාද ඔබේ සැමියා ගැන ඔබ හැමදෙයක්ම දන්නවා කියලා. එහෙනම් ඔබ වැරදියි. විවාහ ජීවිතය සතුටින් ගෙවන්න නම් ඔබේ සැමියා ආදරබර ඔබට සවන් දෙන ඔබේ සිතින් පතපු හැසිරිමි රටාව නිරුපණය කරන සැමියෙකු විය යුතුයි. අන්න ඒ ඔබට අවශ්‍ය ආදර බර සැමියා නිර්මාණය කර ගන්න පුළුවන් ඔබට විතරමයි. ඒ සදහා ඔබට අතවශ්‍ය කරුණු ටික අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්නම්.
සැමියන් ආසයි බිරිදට තමුන්ව නිතරම ඕන වෙනවා නම්
තේරෙන භාෂාවෙන්ම කියන්නම්කෝ. හැම සැමියෙක්ම ආසයි බිරිද ඉදිරියේ සුපර් මැන්ගේ චරිතය රග පාන්න. ගෙදර දොරේ මෙන්ම ඔබේ හැම වැඩකටම වගේ ඔහුගේ සහාය නැතුවම බැරි වෙනවට. එම නිසා ඔබගේ දිවියේ අමාරු වැඩ කර ගන්න වෙන කෙනෙක් වෙනුවට පුළුවන් සෑම අවස්තාවකදීම සැමියාවම පමණක් හවුල් කර ගන්න. ඔහු එයට ගොඩක් ඇලුම් කරාවි
සැමියන් ඔවුන්ගේ ආදරය පෙන්වන්නේ ක්‍රියා වලින් මිසක් වචන වලින් නොවෙයි
ඔව් ගොඩක් සැමියෝ තම බිරිදට තියෙන ආදරය පෙන්වන්නේ ආදර බර ක්‍රියාවන් වලින්. එක්කෝ පස්සෙන් ඇවිල්ලා බදා ගනීවි. ඔබට මල් පොකුරක් ගෙනත් දෙවි. ඔබ දිහා හොරෙන් බලා ඉදල හිනා වෙවී
ආදරය පෙන්වන්න ඔවුන් වචන භාවිතා කරනවා අඩුයි මෙන්න මේ දේ බිරිදක් විදියට ඔබ අනිවාර්යයෙන් දැන සිටිය යුතුයි.
සැමියන්ට ගැහැණු හිත් කියවීමට අපහසුයි
පිරිමින්ට කොහොමත් ගැහැණු හිත් වල තියෙන දේවල් තේරුම් ගන්න අමාරුයි. ඇයි කටින් කියන්නේ එකක් හිතින් ඉල්ලන්නේ තව එකක්නේ. ඒ නිසා ඔබට අවශ්‍ය දේ වක්රා කාරයෙන් ඔබේ සැමියාට කියූ විට ඔබට එය නොලැබී යන්නේ ඔහුට එය තේරුම් ගැනීමට බැරි නිසා බව ඔබ දැන සිටිය යුතුයි. ඔබට අවශ්‍ය දේ කෙලින්ම ඔහුට කිව්වොත් එය ලැබීමේ සම්භාවිතාව වැඩි බවත් බිරිදක් විදියට ඔබ මතක තියා ගන්න
බොහෝ සැමියන් විලාසිතා වලට ඒ තරම් උනන්දුවක් නෑ
මේ කතා කරන්නේ ඔබේ විලාසිතා ගැන නොවෙයි. සැමියන් ගොඩ දෙනෙක් ෆැෂන් කරන්න ඒ තරම් උනන්දුවක් නෑ. මේ නිසා ඔබ ඔහුගේ සම්පුර්ණ ඇදුම් අල්මාරිය වෙනස් කරන්න ගියොත් නම් ඔහුට ගොඩක් දුක හිතෙන්න පුළුවන්. ඔහු හිතාවි ඔබ ඔහුගේ අදින පළදින විදියට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. ඒ නිසා එක පාරට ඔක්කොම වෙනස් කරන්න යන්න කලින් සැමියාට ඒත්තු නොයන ලෙස ෆැෂන් කරන්න පුංචි පුංචි මග පෙන්වීම් ටිකක් හෙමින් සැරේ දෙන්න. එවිට ඔබට දීර්ඝ කාලිනව ඔබට අවශ්‍ය ත්ියසදබ කරන සැමියාව හදා ගන්න පුළුවන් වේවි
සැමියන් පැහැදිලි හා කෙටි ඉල්ලීම් ඉටු කරන ගතිය වැඩියි
ඔබට යම් දෙයක් අවශ්‍ය නම් අපි ඉහතින් කතා කලා වගේ සැමියාගෙන් එය වක්‍රාකාරව ඉල්ලීමෙන් පලක් වෙන්නේ නෑ. ඒ වගේම එය ලොකු විස්තර කිරීමක් එක්ක සැමියාට පවසා සිටීමෙනුත් වැඩක් නෑ . මොකද ගෙදර නිදහසේ ඉන්නකොට පිරිමින්ගේ හිත් නිතරම එක එක වැඩ වල තියෙන්නේ. එක්කෝ ඔඪ එක දිහා බලාගෙන ඉදිවී. එක්කෝ පත්තරේ කියවාවි. මේ වගේ වෙලාවට ඔබ ඔහු ලගින් වාඩි වෙලා වක දිගටම ගොඩක් වෙලාවක් ඔබට ඇවසි දෙයක් ගැන විස්තර කරන්න ගියොත් නම් අන්තිම හරියට එන කොට ඔහුට මුලින් කියපු ටික අමතක වෙලා තියේවි. එක නිසා ඒ පැහැදිලිව ඉතාමත් කෙටියෙන් ඔහුට දැනුම් දෙන්න. ඔබට ඒ දේ අනිවා ලැබේවි
සැමියන්ට ආදරය උගන්වන්න ඔබට පුළුවන්
මේ ලෝකේ කිසිම සැමියෙක් සර්ව සම්පුර්ණ නෑ. එම නිසා ආදරයේදී ඔබට අවශ්‍ය දේවල් ඔහුගෙන් ඉටු නොවෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවාද ඒ වගේ දේවල් සැමියන්ට උගන්වන්න හැකියාව ඔබට තියෙනවා කියලා. මෙහෙම හිතන්නකෝ ඔබ ආසයි සැමියා එක්ක පාරේ ඇවිදින කොට ඔහු ඔබේ අතින් අල්ලගෙන හෝ කරවටා අතක් දමාගෙන යනවා නම්. නිවසේදී ඔබව ආදරෙන් කොනිත්නවා නම්. නමුත් ඔහු ඒ දේ කරන්නේ නෑ. මෙන්න මේ වගේ දේවල් ගැන ඔබේ කැමැත්ත ඔහුට ඒත්තු ගැන්වුවොත් සැමියන්ට පුළුවන් ඒ දේවල් ඉක්මනින් ඉගෙන ගන්න.
ඔබ සිතනවාට වඩා සැමියන් ගෙදර දොරේ වැඩ කරනවා
බොහෝ බිරින්දෑ වරුන් හිතන් ඉන්නේ සැමියන් ගෙදර දොරේ වැඩ කරනවා අඩුයි කියලා. බ්‍රිතානයේ මෑතකදී සිදු කරන ලද සමික්ෂනයකින් සොයාගෙන තිඛෙනවා වත්මන් ලොඅක්යේ සැමියන් බොහෝ වෙලාවට බිරිදට සමානවම ගෙදර දොරේ වැඩ කරනවා කියලා. අද ගොඩක් වෙලාවට දෙන්නටම රැකියා කරන්න වෙලා නිසා ගෙදර දොරේ වැඩ සමානව කරන්න සැමියන්ට සිද්ද වෙලා. ළමුන් බලා ගැනීම පවා සැමියන්ට දැන් ලොකු දෙයක් නොවෙයි කියලා බිරිදක් විදියට ඔබ මතක තියා ගන්නකො
සැමියන්ට අවශ්‍යයි පොඩි නිදහසකුත්
ඔහු ඔහු කැමති හැම දේකදිම ඔබ පස්සෙන් ගොස් ඔහු සමග එකතු වීම අවශ්‍ය වන්නේ නෑ. පිරිමින්ට පොඩ්ඩක් නිදහසේ ඔවුන් රස විදින සමහර දේවල් වල නිරත වෙන්නත් අවස්තාවක් දෙන්නම වෙනවා. උදාහරණයක් විදියට පොඩි Aාඩැබඑමරු ඔරසච එකක් යන්න , යාළුවො එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න (හැමදාම නෙවෙයි ආ ) එතකොට ඍමටඉහ තදදඑඊ්කක කරසජනැඑ වගේ ප්එජය එකක් බලන්න යන්න. පොඩි ඔවුන්ගේම ලෝක වල තමබ එකක් ගන්න නිදහසක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ නිදහස නම් බිරිදක් විසින් සැමියන්ට ලබා දිය යුතුමයි. දුන්නේ නැති උනොතින් ඔහු එක්කෝ මානසික ලෙස විශාලව ඇද වැටි පවුරුෂත්වයට හානි කර ගන්නවා. නැත්තම් ඔබට කරන ආදරය අඩු කරනවා. අවශ්‍ය ප්‍රමාණයට මේ නිදහස දෙන්න වග බලා ගන්න.
0 Comments