මහත අඩුකර ගැනීමට ක්‍රම 10ක්.

කැලරි අඩු කරගන්න 
තරබාරුකම ඔබට දැනටමත් කරදරයක් නම් සතියකට රාත්තල් එකක්වත් අඩු කරගන්න උනන්දු වෙන්න. මේ සඳහා සතියකට කැලරි 3,500ක් වැනි ප්‍රමාණයක් දහනය විය යුතුයි. දිනකට කැලරි 500ක් නමුත් ආහාර පාලනය පමණක්ම බර අඩුකර ගන්න ප්‍රමාණවත් නොවේ. ආහාර පාලනයෙන් කැලරි 250ක්ද ව්‍යායාමවලින් 250ක්ද වන ආකාරයට කැලරි දහනය වීමට මේ ක්‍රියාවලි දෙකම සමානව සිදුවීම වැදගත්. අයිස්ක්‍රීම් වැනි කැලරි වැඩි ආහාර සීමා කිරීම හා ආහාර අඩුවෙන් ගැනීමටද අවධානය යොමු කරන්න.

කාර්යාලයේදීත් ව්‍යායාම කරන්න
කාර්යාලයේ දිවා කාලයේදී ඔබ තරමක් කාර්යබහුල විය හැකිය. නමුත් දිවා ආහාරයෙන් පසු විනාඩි 10ක් වත් බර අඩු කිරීමට හිත යොමු කරන්න. මේ නිසා විනාඩි 10ක කාලයක් හෝ ඇවිදීමේ ව්‍යායාමයක නිරත වන්න. බර අඩු කරගන්න වගේම පරිසරය අත්විඳින්නත් මෙය කදිම අවස්ථාවක්.

සවස ව්‍යායාම අතපසු කරන්න එපා
දවසම කාර්යබහුල වන ඔබ සවස ව්‍යායාම් කිරීමට තරමක් මැලි බවක් දක්වනවා ඇති. ඒත් දිවීම හෝ ජිම් එකට යෑම අනෙක් වැඩ තරමටම වැදගත් වන අංගයක් බව සිහි තබාගන්න.

හදවතේ නිසි ක්‍රියාකාරිත්වය
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය විධිමත් කර ගැනීමට සතියකට වරක් හෝ විනාඩි 45ක් පමණ හෘදය සඳහා ව්‍යායාම කිහිපයක නිරත වන්න. දිවීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම්වල හොඳින් දහදිය දමන තෙක් නිරත වන්න.

ජලය හොඳින් පානය කිරීම
ජලය හොඳින් පානය කිරීමත් බර පාලනය කරගැනීමට හේතු වෙයි. ප්‍රධාන ආහාරයට පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් වැඩිපුර ආහාර ගැනීමද පාලනය මේ ඔබ ගන්නා ආහාරවලත් (එළවළු හා පලතුරු) ජලය යම් ප්‍රමාණයක් අඩංගු වන නිසා ආහාර වැඩිපුර ගැනීම ඉන් වැළකෙයි.

වැඩිපුර එළවළු වර්ග ආහාරයට ගන්න
ඕනෑම කෙනෙක් දිනකට එළවළු හා පලතුරු වර්ග 5ත් 7ත් අතර ප්‍රමාණයක් ආහාර වේලකට එක් කරගැනීම වැදගත්. එළවළු හා පලතුරුවල අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වීම හා කෙඳි සහිත වීම මෙයට තවත් හේතුවකි. බර අඩුකර ගැනීමට මෙයද කදිම පිළියමක්.

උදේ ආහාරය ගන්න
දවසේ මුලින්ම ගන්නා ආහාර වේලත් ඔබේ ශරීරයේ අමතර කැලරි දහනයට උපකාරි වෙනවා.

ක්ෂණික ආහාරවලින් අෑත් වෙන්න
වෙළෙඳසල්වල ඇති විවිධ කෙටි කෑම වර්ග ඔබේ බර පාලනය කර ගැනීමට බාධකයක්. මෙවැනි ආහාර අඩංගු වන්නේ පැණි රස හා මේදයෙනි. ඔබේ ආහාරවලට මේවා එක්කර ගැනීමෙන් අලස බවක් ගෙන දිය හැකිය.

නැවුම් ආහාරවලට වැඩි ඉඩක්
විවිධ කෙටි කෑමවලින් අෑත් වන ඔබ දැන් වැඩි අවධානයක් දිය යුතු වන්නේ නැවුම් එළවළු පලතුරු හා ධාන්‍ය වර්ගවලයට. එය ඔබට අවශ්‍ය ශක්තිය ලබාදීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමටද අත්‍යවශ්‍ය සාධකයකි.

උදයට කෙඳි සහිත ආහාර
උදෑසන ආහාරයේ පෝෂණය ගැන සිතන ඔබ කෙඳි සහිත ආහාරවලට වැඩි අවධානයක් දෙන්න. අවම වශයෙන් උදෑසනට කෙඳි සහිත ආහාර ග්‍රෑම් 8ක් වත් එක්කර ගැනීමට උත්සාහ ගන්න.

Post a Comment

0 Comments

Post Labels