ලස්සන පැහැපත් දෙතොලක් සති දෙකකින්.

අද කියලා දෙන්නේ කොහොමද අඩු වියදමින් lip balm එකක් ගෙදරදීම හදාගන්නේ කියලා. අපේ කාන්තාවන්ගෙන් 90%ක්ම තොල් ආලේපන පාවිච්චි කරනවා. මේවා ගෑවාම අපේ තොල් කළු වෙනවා. ඉතින් අපි ඒ වෙනුවට lip balm එකක් පාවිච්චි කරනවා. ඔබ හිතන විදියට ඔබ ඒ පාවිච්චි කරන lip balm එක ස්වභාවික තත්වයෙන් උසස්, විශ්වාසය තහවුරු කල හැකි ආලේපන වර්ගයක් ද? අද මේ වන විට වෙළදපොලට හදුන්වා දී ඇති lip balm වර්ග රැසක් ඔබට දැකගන්න පුළුවන්. ඒවායින් ඔබට හොදම මොකක්ද කියලා තෝරලා අරගන්න පුළුවන් ද? බෑ. ඔබ මිල දී ගන්නේ සැකයකින්. මේකෙන් මට ප්‍රතිඵලයක් ලබයි ද යන ප්‍රශ්නාර්ථය මත. විශ්වාසවන්තව හොද brand එකකින් lip balm එකක් ගන්න ගියොත් රු. 2000ක්වත් යනවා. ඔබ දන්නවා ද ඔබේ දෙතොල් ඔබේ මුහුණේ වර්ණයට සමාන වර්ණයකින් වර්ණ වී ඇති බව?

මේ lip balm එක දෙතොල් කළු වූ විට, පැලුනු විට පාවිච්චි කරන්න පුළුවන්.

අපි දැන් බලමු මේක හදන්නේ කොහොම ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

  • Strawberry ගෙඩියක්
  • Olive oil තේ හැදී 1 ½
  • මී පැණි තේ හැන්දක්
  • කුඩු කරගත් සීනි තේ හැදී 2ක්
  • දෙහි යුෂ ස්වල්පයක්
  • කුඩා බෝතලයක්

සාදන ක්‍රමය

පිරිසිදු කරගත් bowl එකක් රැගෙන එයට මී පැණි, කුඩු කරගත් සීනි, Olive oil දමා කලවම් කරගන්න. දැන් එයට කුඩාවට කපාගත් Strawberry දමා කලවම් කරගන්න. පසුව දෙහි යුෂ ස්වල්පයක් දමා නැවත කලවම් කරගන්න.

සීනි කුඩු කරගන්න කිව්වේ දිය කරගන්න ලේසි වන නිසා. අනික මේකට වැඩ හොද නම් රතු සීනි. නෙත්නම් සුදු සීනි යොදා ගන්නත් පුළුවන්. තවත් එකක් තමයි Strawberry පුළුවන්තරම් කුඩාවටම කපාගන්න එපා එතකොට වතුර ගතිය ගොඩක් වැඩි වෙනවා. සාමාන්‍ය ගානට කපලා mix කරගන්න. දැන් අර පිරිසිදු කරගත් බෝතලයට (වතුර නොතිබිය යුතුයි.) හදාගත් mixer එක දාගන්න. (Strawberry කැබලි නො දැමිය යුතුයි.) සහ මෙය කාමර උෂ්ණත්වයක තිබිය යුතු වේ.

මේක පාවිච්චි කරන විදියකුත් තියනවා.

මිනිත්තු 10ක් තියලා උණුවතුරෙන් සෝදන්න. ගොඩක් හොදයි සෝදලා, ඝනකම රෙදි කැබැල්ලකින් (towel එකකින් වගේ) පිහදානවා නම්.


දැන් මම කියන්නම් මේවයින් අපිට ලැබෙන ගුණය ගැන...

Strawberry – රසය සහ දෙතොලට නව පෝෂණයක් ගෙන දේ.

Olive oil – විටමින් E, දෙතොලට සිනිදු භාවයක් ගෙන දේ.

මී පැණි - දෙතොල් වියලී යාම වළකා දමයි

දෙහි - විටමින් A, විටමින් B-6, විටමින් B-12, විටමින් C, විටමින් D

Post a Comment

0 Comments

Post Labels