මහත නම් ඔබ ලෙඩෙක්‌…

බර වැඩි කෙනෙක්‌ උසට සරිලන ප්‍රමාණයට කෙට්‌ටු වීම අසනීප වීම නොව සනීප වීම බවත් නියමිත බර ඇති කෙනෙක්‌ මහත් වීම සනීප වීම නොව අසනීප වීම බවත් වටහා ගෑනීමට දැන් කාලය එළඹ ඇත. එම ආකල්පමය වෙනස ඇති කර ගැනීම ම බර අඩු කර ගැනීමට ඇති ඉමහත් බාධාවක්‌ ජය ගැනීමක්‌ වෙයි.

අපේ සමාජයේ ඇති සම්ප්‍රදායික ආකල්පය වන්නේ ඇ`ග මහත්වීම නිරෝගී වීම හෙවත් සනීප වීම බවයි. අනෙක්‌ අතට ඇ`ග කෙට්‌ටු වීම අසනීප වීම ලෙස සැළකෙයි. ඇතැම් විට මෙයට හේතුව විය හැක්‌කේ අයෝමය ශරීර තිබූ අපේ පැරැන්නන්ගේ කාය ශක්‌තිය සහ නිරෝගී බවය. යෝධයන් සේ වැඩ කිරීම නිසා ඔවුන්ගේ මාංශ පේෂි ඉතා ඝණව වැඩී ඔවුන්ට අයෝමය පෙනුමක්‌ ලැබුණු අතර වඩා නිරෝගීද විය. එසේ මාංශ පේශි ඝණව වැඩීම නිසා මහත් වීම සෞඛ්‍යානුකූල මහත් වීමක්‌ වුවද නූතන බටහිර ජීවන රටාවට ගොදුරු වී තිබෙන නරකම දේවල් කා කිසිත් වැඩක්‌ නොකර සිටීමෙන් ශරීරයේ අධික ලෙස තෙල් තැන්පත් වීමෙන් සිදු වන මහත් වීම කිසිසේත්ම සෞඛ්‍යානුකූල මහත් වීමක්‌ නොවේ. එය බරපතල ලෙස රෝගී වීමකි. මේ දෙක පටලවා නොගත යුතුය. එම නිසා නූතන මහත්වීම කිසි සේත්ම හොඳ දෙයක්‌ සේ නොසැළකිය යුතුය.

එය එසේ වුවත් අප මීට පෙරද සාකච්ඡා කළ පරිදි අපේ රටේ තරබාරු අයෙක්‌ කෙට්‌ටු වූ විට ඔහුට හෝ ඇයට හමුවන නෑදෑ හිත මිතුරන්ගෙන් බේරිල්ලක්‌ නැත්තේ ”මොකද මේ කෙට්‌ටු වෙලා… අසනීපයෙන් හිටිය ද? ” කියා නිසැක ලෙසම ප්‍රශ්න කරන නිසාය. ඔබට ඉදිරිපත් කරන්නට යන බර අඩු කර ගැනීමේ නිවැරදි වැඩ සටහනෙන් මා කිලෝ ග්‍රෑම් 20 ක්‌ බර අඩු කර ගෙන ඇති නිසා මේ අත්දැකීමට මට දිනපතා මුහුණ දෙන්නට සිදු විය. ඇතැම් දිනක හතර පස්‌ දෙනෙක්‌ මගෙන් එම ප්‍රශ්නය අසා තිබිණි. එම ප්‍රශ්නය අසන අය අතර මගේ නෑදෑ හිත මිතුරන්ද, මගේ රෝගීන්ද, මගේ ගුරුවරුන්ද මගේ අසල්වාසීන්ද පමණක්‌ නොව වෛද්‍යවරුන්ද, විශේෂඥ වෛද්‍යවරුන්ද වෙති.

මට ඉතා කුලුපග ඇතැම් රොගීන් මහත් වේදනාවෙන් අසන්නේ ”අනේ මහත්තයා කෙට්‌ටු වෙලා තියෙන තරම්… ඇයි අසනීපයෙන් සිටියාද? ” යනුවෙනි. මේ සියලුම දෙනාට මා කෙට්‌ටු වූයේ අසනීපයෙන් සිටි නිසාවත් ඉබේවත් නොව ඒ සඳහා වෙහෙස මහන්සි වීමෙන් බවත් මම මහතට සිටි කාලයට වඩා දැන් බොහෝ නිරෝගී බවත් පවසන්නට මට සිදු වෙයි.

පශ්චාත් වෛද්‍ය උපාධි පාඨමාලාවක්‌ හදාරන වෛද්‍යවරියක්‌ මට පැවසුවේ බර අඩු කර ගැනීම හොඳ දෙයක්‌ වුවත් මා ඕනෑවටත් වඩා කෙට්‌ටු වී ඇති බවය. මා ඕනෑවට වඩා කෙට්‌ටු වී නොමැති බවත් මට නියමිත බර පරාසය ර`දවාගැනීමට මා සමත් වී ඇති බවත් ගණන් හිලව් ඇතිව ඇයට පැහැදිලි කර දෙන්නට එවිට මට සිදුවිය. වෛද්‍යවරුන් පවා බර අඩු කර ගැනීම ගැන එසේ අසුබවාදීව සහ සෘණාත්මකව අදහස්‌ පළ කිරීමෙන් පෙනී යන්නේ තරබාරු බවේ අවදානම නිසි බරෙන් අවබෝධ කර ගන්නට ඔවුන් තවමත් අසමත් වී ඇති බවය.

කෙට්‌ටුවට හිටි කෙනෙක්‌ මහත් වූ විට අපේ සමාජයේ අය පවසන්නේ ” එයාගේ ඇ`ග දැන් හොඳට සනීප වෙලා ” යනුවෙනි කෙට්‌ටු අයට මහත්වීම සඳහා විවිධ කිරිපිටි වර්ග, විවිධ ඖෂධ වර්ග ආදිය නිෂ්පාදනය කර විකුණන්නේ මෙම ”සනීපය” ලබා ගැනීම සඳහා ද`ගලන ඒ ස`දහා ඕනෑම ගාණක්‌ වියදම් කරන්නට සූදානම් අය අප සමාජයේ ඕනෑ තරම් ඉන්නා නිසාය.

බර වැඩි කෙනෙක්‌ උසට සරිලන ප්‍රමාණයට කෙට්‌ටු වීම අසනීප වීම නොව සනීප වීම බවත් නියමිත බර ඇති කෙනෙක්‌ මහත් වීම සනීප වීම නොව අසනීප වීම බවත් වටහා ගෑනීමට දැන් කාලය එළඹ ඇත. එම ආකල්පමය වෙනස ඇති කර ගැනීම ම බර අඩු කර ගැනීමට ඇති ඉමහත් බාධාවක්‌ ජය ගැනීමක්‌ වෙයි.

බර අඩු කර ගැනීමේ යහපත මොන තරම් උසස්‌ද?

තරබාරු අය තමාගේ සෞඛ්‍යය ට හානියක්‌ නොවන මට්‌ටම දක්‌වා එනම් තමාගේ උසට සරිලන මට්‌ටම දක්‌වා බර අඩු කර ගැනීමෙන් සහ එය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමෙන් අප ඉහතින් සඳහන් කළ මරණයට පත් වීමේ අවදානමෙන්ද සියලුම ලෙඩ රෝග ස`දහා වැළ`දීම ස`දහා ඇති දැඩි අවධානමෙන්ද නිරන්තරයෙන්ම ඔවුන් පෙලන දැඩි කායික සහ මානසික විඳවීමෙන්ද සම්පූර්ණයෙන්ම මිදී සාමාන්‍ය කෙනෙකුගේ තත්වයට පත් විය හැකිය. තරබාරු අයට නියමිත ඉලක්‌කයට බර අඩු කර ගැනීම සඳහා තරමක කාලයක්‌ ගත විය හැකි බැවින් සම්පූර්ණයෙන්ම බර අඩු කර ගන්නා තුරු තමන්ට යහපතක්‌ අත් වන්නේ නැතැයි කිසි සේත්ම නොසිතිය යුතුය. ඔවුන් අඩු කර ගන්නා සෑම කිලෝ ග්‍රෑම් එකක්‌ පාසාම ඔවුන් වෙත යහපතක්‌ම උදා වෙයි. පහත දැක්‌වෙන පැහැදිලි කිරීම මගින් එය ඔබට තව දුරටත් වටහා ගත හැකියි.

* කිලෝ ග්‍රෑම් 100 ක්‌ බර කෙනෙක්‌ කිලෝ ග්‍රෑම් 10 කින් බර අඩු කර ගැනීමෙන් ඔහුට හෝ ඇයට ලබා ගත හැකි යහපත් ප්‍රතිඵල මෙසේය. සියලුම ලෙඩ රෝග වලින් මරණයට භාජනය වීමේ අවදානම 20 – 25 % ප්‍රතිශතයකින් අඩු වෙයි.

* දියවැඩියාව නිසා මරණයට භාජනය වීමේ අවදානම 30 – 40% ප්‍රතිශතයකින් අඩු වෙයි.

* තරබාරු බව නිසා ඇතිවන පිළිකා සෑදීමෙන් මරණයට භාජනය වීමට තිබෙන අවදානම 40 – 50 % ප්‍රතිශතයකින් අඩු වෙයි.

* රුධිර පීඩනය 10% ප්‍රමාණයකින් අඩු වෙයි. දියවැඩියාව වැළඳීමේ අවදානම 50 % කටත් වඩා අඩු වෙයි. නිරාහාර රුධිර සීනි මට්‌ටම 30 – 50 % ප්‍රමාණයකින් පහත වැටෙයි. ග්ලුකෝස්‌ බැඳී ඇති හිමොග්ලොබින් ප්‍රමාණය 15 % කින් අඩු වෙයි.

* සම්පූර්ණ කොලෙස්‌ටරෝල් ප්‍රමාණය 10% කින් අඩු වෙයි. ශරීරයට අහිතකර LDL කොලෙස්‌ටරෝල් ප්‍රමාණය 15 % කින් අඩු වෙයි. ට්‍රයි ඒසයිල් ග්ලිසරෝල් ප්‍රමාණය 30% කින් අඩු වෙයි. ශරීරයට හිතකර කොලෙස්‌ටරෝල් ප්‍රභේදය වන HDL කොලෙස්‌ටරෝල් ප්‍රමාණය 8 % කින් ඉහළ නැංවෙයි.

අප ඉහතින් දැක්‌වූයේ වෛද්‍ය විද්‍යා පාඨග්‍රන්ථ වල දැක්‌වෙන විශාල පුද්ගලයින් සංඛ්‍යාවක්‌ යොදාගෙන කරන ලද පර්යේෂණ වලින් ලද නිගමනයන්ය. අප ලද ශ්‍රී ලාංකික අත්දැකීම්වලින් වලින් තහවුරු වී ඇත්තේ ඊටත් වඩා යහපත් ප්‍රතිඵල බර අඩු කරගැනීමෙන් ලබා ගත හැකි බවයි.

මැන බැලිය හැකි යහපත් තත්වයන් එසේ වන විට කායික සහ මානසික විඳවීම අඩු වීමෙන් ඇති වන යහපතද එවැනිම ඉහළ මට්‌ටමක පවතියි. නිදසුනක්‌ ලෙස ඔබ කිලෝ ග්‍රෑම් දහයක හාල් මුට්‌ටයක්‌ වැනි අමතර බරක්‌ ඔලුවේ හෝ කරේ තබා ගෙන කන්දක්‌ නගින ආකාරය මෙනෙහි කර ගන්න. එම බර අහකින් තැබූ විට ඔබට කොතරම් සැහැල්ලුවක්‌ සහ සහනයක්‌ දැනෙනවාද? ඔබ ඇ`ග ඇතුලේ ගබඩා කර ගෙන ඇති අමතර මේදයෙන් කිලෝ ග්‍රෑම් දහයක්‌ අහකින් තැබූ විට හෙවත් අඩු කර ගත් විට ඔබට දැනෙන සැහැල්ලුව සහ සහනය ඊට වඩා බෙහෙවින් වැඩි බව අප පවසන්නේ අත්දැකීමෙන් මෙන්ම වගකීමෙනි.

ඔබේ ඇෙ`ග් වැඩිපුර ඇති බර අඩු කර ගැනීමෙන් ඔබට ලැබෙන කායික. මානසික, ආධ්‍යාත්මික, ආර්ථික සහ සාමාජයීය යහපත අති මහත් බව ඔබට දැන් ඉතා හොඳින් පැහැදිලිය. ඒසේ නම් පමා නොවී එම යහපත් තත්වයන් උදා කර ගැනීම සඳහා අද අදම වැඩ කටයුතු අරඹන්න. පමා වීම පසුතැවිල්ලට හේතු වන බව මෙනෙහි කර ගන්න. අධික තරබාරු බවෙන් පෙළෙන අය මේ බව වහ වහා අවබෝධ කර නොගතහොත් පසුතැවිලි වන්නටවත් අවස්‌ථාවක්‌ නොමැතිව ඔවුන්ට ජීවිතයෙන් සමුගන්නට පවා සිදු විය හැකිය.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

Post a Comment

0 Comments

Post Labels