හැඩට ඉන්න මැනලා කන්න (BALANCED DIET)

අප කොයි කවුරුත් නීරෝගීව ලස්‌නට හැඩැති සිරුරකින් යුක්‌තව ජීවත්වන්නට දක්‌වන්නේ අසීමිත ආශාවකි. එනිසා පෝෂ්‍යදායී ආහාර පාන ගැනීමට පමණක්‌ නොව ආහාරය, පාලනයට ව්‍යායාමවල නිරත වීමටද බොහෝ දෙනා යොමු වෙති. මේ අතර ඇතැම් දෙනා මෙලෙස හැඩට ඉන්නට කොතරම් උත්සාහ ගත්තද එය ඉටු කර ගැනීමට නොහැකිව පසුතැවෙමින් සිටිති. එනිසා නිවැරදිව ආහාරපාන ගෙන නිරෝගීව ජීවත් වෙන්නේ කෙසේදැයි කියා විමසා බලමු.


ප්‍රධාන ආහාර වේලක තිබිය යුතු පෝෂණය .

අප දිනපතා ගන්නා උදේ දහවල් සහ රාත්‍රී යන ප්‍රධාන ආහාර වේල් තුනට පිෂ්ඨය, ප්‍රොaටීන් විටමින් මේදය, ඛනිජ ලවණ සහ කැල්සියම් යන ප්‍රධාන පෝෂණ සංඝටක අඩංගු විය යුතුයි. ??.

පිෂ්ඨය ලබා ගැනීම සඳහා බත්, අලවර්ග, පාන්, පිටි සහිත ආහාර ආදියෙන් පිළිවන. ප්‍රොaටීන් ලබාගැනීමට එළවළු වර්ග මස්‌ බිත්තර ආහාරයට ගැනීමෙන් පිළිවන.?

විටමින් ලබාගැනීමට පලතුරු වර්ග මගින් පිළිවන පොල්තෙල්, එළවළු තෙල් මගින් ශරීරයට අවශ්‍ය මේදය ලබා ගත හැකිය. ?

ඛනිජ ලවණ සහ කැල්සියම් ලබාගැනීම සඳහා කිරි, පලා වර්ග ආහාරයට ගැනීම තුළින් පිළිවන.?

පෝෂ්‍යදායී ආහාර වේලක්‌ ?

අප බොහෝ දෙනාට ගැටලුව මතුවන්නේ පෝෂ්‍යදායී ආහාර වේලක්‌ සාදා ගැනීමය ඇතැම් දෙනා තම ආහාර වේලට බත්, අල වර්ග වැඩිපුර ද එළවළු මස්‌ මාළු ආදිය සුළු වශයෙන්ද එක්‌කර ගනිති.?

තවත් සමහරු, බත්, අලර්ග, එළවළු අඩුවෙන් ද මස්‌, මාළු වැඩිපුර ද එක්‌කර ගනිති.නමුත් පෝෂ්‍යදායී ආහාර වේලක්‌ යනු තම ආහාර වේලේ හරි අඩක්‌ පිෂ්ටයත් ඉතිරිය එළවළු පලා වර්ග මස්‌ මාළු බිත්තර ආදියෙනුත් සමන්විත වීමය.?

?මෙම ඉතිරි කොටසින් තුනෙන් දෙකක්‌ එළවළු සහ පලා වර්ගවලින් සමන්විත විය යුතුය. ඉතිරි කොටසට මාළු මස්‌ හෝ බිත්තර එක්‌කරගත හැකිය.

ආහාර වේලට පලතුරුද එක්‌කර ගැනීමට හුරුවිය යුතුය. ?

එළවළු වර්ග එක්‌කර ගැනීමේදී වර්ණ දෙක තුනකින් යුත් එළවළු එක්‌කර ගත යුතුය. ඒ සඳහා බෝංචි, කැරට්‌, බීට්‌, දඹල, කොහිල, මෑකරල්, පතෝල, කැකිරි ආදී ඕනෑම වර්ගයක එළවළු වර්ග යොදා ගත හැකිය.?

ප්‍රොaටීන් ලබාගැනීම සඳහා එළවළු සහ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමේදී මස්‌ මාළුවලට කුඩා දෙගුණයක ප්‍රමාණයක්‌ ගත යුතුය. ?

සත්ත්ව මාංශවල ඇති ප්‍රොaටීන් ශරීරයට උරා ගැනීමට එළවළු සහ ධාන්‍යවල ඇති ප්‍රොaටීන්වලට වඩා පහසු එනිසා සත්ත්ව මාංශ කුඩා ප්‍රමාණයක ඇති ප්‍රොaටීන් සියල්ල වාගේ ශරීරයට උරාගත හැකිය, නමුත් එළවළු සහ ධාන්‍ය වර්ගවල ඇති ප්‍රොaටීන් ශරීරයට උරාගැනීම මඳක්‌ අපහසු නිසා ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට විශාල ප්‍රමාණයක්‌ ආහාරයට ගත යුතුය.?

උසට සරිලන බර ?

අප දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක්‌ ලබාගත හොත් උසට සරිලන බරක්‌ සහිත සිරුරක්‌ ඇතිකර ගත හැකිය. අපගේ ශරීරය උසට සරිලන බරකින් යුක්‌ත දැයි කියා දැනගැනීමට ඉතා සරල පරීක්‌ෂණයක්‌ ඇත. ?

නූලකින් තම ශරීරයේ උස මැන ගන්න. එම උසට සමාන දිගැති නූල දෙකට නමා එම ප්‍රමාණයෙන් තම ඉණෙහි වට ප්‍රමාණයට මැන බලන්න. ඉනෙහි වට ප්‍රමාණය වඩා නූලෙහි දිග වැඩිනම් උසට සරිලන ශරීර බරක්‌ නැත. එනම් එම තැනැත්තා මන්ද පෝෂණයෙන් පෙළෙයි. ?

ඉණෙහි වට ප්‍රමාණය මැනීම සඳහා නූලෙහි දිග ප්‍රමාණය ප්‍රමාණවත් නැත්නම් එම තැනැත්තාගේ උසට වඩා ශරීර බර වැඩිය. එනම් අධි පෝෂණයෙන් පෙළෙයි.?

යම් පුද්ගලයෙක්‌ මන්ද පෝෂණයෙන් හෝ අධිපෝෂණයෙන් පෙළෙයි නම් නිසි වෛද්‍ය උපදෙස්‌ මත තම ශරීරයේ පෝෂණය මට්‌ටම සකස්‌ කර ගත යුතුය.?

ශරීරයේ හැඩය ?

නිසි පෝෂ්‍යදායී ආහාර වේලක්‌ ගැනීමට පමණක්‌ නොව දිනපතා අවම වශයෙන් පැය භාගයක්‌වත් ව්‍යායාම කිරීමට යොමු වීමෙන් ශරීරයේ නිරෝගීභාවය ඇති කර ගත හැකිය.?

ශරීරයේ නිරෝගී හැඩය ඇති පුද්ගලයකු හඳුනාගත හැක්‌කේ එම තැනැත්තාගේ ඉණෙහි ඇති වට ප්‍රමාණය මැන බැලීමෙනි.?

නිරෝගී පිරිමි පුද්ගලයකුගේ ඉණෙහි වට ප්‍රමාණය සෙන්ටි මීටර් 90 ට හෝ අඟල් 36 ට අඩුවිය යුතුය.?

නිරෝගී කාන්තාවකගේ ඉනෙහි වට ප්‍රමාණය සෙන්ටි මීටර් 80 ට (80 සෙ.මී) හෝ අඟල් 32 ට අඩුවිය යුතුය.?

ජුනි මාසයට යෙදෙන ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් “හැඩට ඉන්න මැනලා කන්න” තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී පෝෂණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන රසාංජලී හෙට්‌ටිආරච්චි රේණුකා ජයතිස්‌ස යන මහත්මීන් සහ බානුජ විඡේතිලක මහතා පැවැත් වූ දේශන ඇසුරිනි.?

Post a Comment

0 Comments

Post Labels