හැමෝටම තියෙන කරදරයක්නේ ඇෙ`ග් බර වැඩිවීම. එකට ඔයාල නොකරන දෙයකුත් නැනේ. ක්‍රමවත් ආහාර ලබා ගැනීම සහ ව්‍යායාම මෙයින් මිදීමට ඇති හොදම සහ අනුමත කරන විදියයි. අද අපි කියල දෙන්නේ එයට උදවුවෙන ගෙදරදීම හද ගන්න පුළුවන් ඇපල් සහ කුරුදු පානය ගැනයි. ලේසියෙන්ම හද ගන්න පුළුවන් වියදම් අඩු මෙම පානය පානය කරන ගමන් හොදින් ව්‍යායාම ආදියත් කරන්න අමතක කරන්න එපා.
රුධිරයේ සීනි ස්ථාවර සහ හා කාබෝහයිඩ්රේට අඩු කිරීමට කුරුඳු වල ඇති ප්‍රති ඔක්සිකාරක ඛෙහෙවින් උදවු වේ. තවද එය ශරීර බර අඩු කිරීමට අවශ්‍ය වන වැඩිපුර ඉන්සියුලින් ශ්රාවයවීමටද උත්තේජනයක් ලබා දෙයි. විශේෂඥයන්ට අනුව කුරුදු භාවිතය ඉන්සියුලින් වහනය වීම මානව පාලනය කර මේදය දියකර දමයි.
පරීක්ෂණවලට අනුව දිනකට කුරුදු මේස හැදී බාගයක් භාවිතයෙන් අහිතකර කොලෙස්ටරෝල් ඇතිවීම අඩු කරයිකරනවා මෙන්ම මෙමගින් අජීර්ණය සහ අහිතකර මේදය (එරසටකහජැරසාැි) නිපදවීම අඩු කරයි.
ඇපල් සහ කුරුදු සංයෝගය පරිවෘතිය ක්‍රියා ක්‍රමවත් කර බර අඩු වීමට ක්‍රියාකාරීව දායක වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල් ගෙඩි 1
- කුරුඳු කැබැල්ලක් ( කුරුදු කුඩු තේ හැදී 1ක්)
- උණු වතුර ලීටර 1.5 හෝ 2
හදන විදිය
ඇපල් ගෙඩිය හොදින් සෝදා කුඩා කැබලි වලට කපා ගන්න. කුරුදු එකතුකර එයට උණු කර නිවාගත් වතුර ද එකතු කරගන්න. මෙම මිශ්‍රණය පැය 1-2 පමණ වෙලාවක් තියෙන්නට හැර පෙරා පානය කරන්න. අවශ්‍ය නම් ශීතකරණයේ තබා ගෙන දවස ඇතුලත පානය කරන්න.
0 Comments