සොඳුරු දිවියට අඳුර ළංකරන සැකය

අප ජීවත්වන සමාජය ඇතුලේ එක්‌ එක්‌ සංකල්ප ගොඩනඟා ගෙන ඒවා තුළ සිරවී අපි ජීවිතය ගෙවා දමන්නෙමු. වරෙක යහළුවකු හෝ යෙහෙළියක වශයෙන්ද, තවත් විටෙක බිරිඳක්‌ හෝ සැමියකු වශයෙන්ද, ගැහැනිය සහ පිරිමියා ජීවත්වන සමාජය තුළ ඔවුන් පීඩාවන්ට පත්වනවා. ඒවා තුළ ඔවුන් දොaලනය වන ප්‍රධාන කරුණක්‌ වන “සැකය” අවිශ්වාසය යන සිතුවිල්ල අද අපි සොඳුරු පවුල් තුළින් කතා කරන්න හිතුවා.

මෙම වචන දෙක පිළිබඳව කතා කරන සෑම විටකම අනවබෝධය සහ තේරුම් නොගැනීම, වරදවා වටහා ගැනීම යන වචන කීපයක්‌ද ඒ පසුපස නිතරම රැඳී තිබෙනවා. ඉන් ගම්‍යමාන වන තවත් වැදගත් කරුණක්‌ වන්නේ යුග දිවිය තුළ නිරන්තරයෙන්ම හටගන්නා ගැටලුවලට මුල සැකය පමණක්‌ නොවන අතර, සැකය මුළුමනින්ම ලිංගිකත්වය මත පමණක්‌ ගොඩනොනැගෙන බවයි. එනම් ඒ සඳහා බලපාන සමාජමය, ආර්ථිකමය සහ මානවීය සබඳතා බොහොමයක්‌ ද තිබේ.

මෙහිදී කිවයුතු වන්නේ පවුල නමැති සමාජ ඒකකය තුළ ආදරණීය සැමියා සහ බිරිඳ අතර ඉතා විවෘත සහ ශක්‌තිමත් සංවාදයක අවශ්‍යතාවය සෑම විටකම පවතින බවය.

ඇයි අපි විවෘත සංවාදයකට යා යුත්තේ?”

ගැහැනිය හෝ පිරිමියකු හෝ වේවා, එදිනෙදා තමා ජීවත් වන පරිසරය ආශ්‍රිතව ස්‌වයංක්‍රීයව තම චිත්ත සන්තාන තුළට ගලාගෙන එන කරුණු කාරණා කිහිපයක්‌ නිතැතින්ම සිත තුළ ගබඩා කර ගන්නා අතර, එය නැවත සාකච්ඡා කිරීමට, අදහස්‌ එකතු කර ගැනීමට, විවෘත සංවාදයක යෙදෙන්නට, ඔවුන් නිsරතුරුව කැමති වන බවයි.

උදාහරණයන් විදිහට අපි මෙහෙම හිතමු. කාර්යාලයක සේවය කරන සැමියකුට ඔහුගේ කාර්යාලයට එන සුන්දර කාර්යක්‍ෂම සේවිකාවක්‌ පිළිබඳ සාමාන්‍ය පැහැදීමක්‌ ඇතිවෙනවා. ඒ තුළින් කිසියම් සතුටුදායක ආකල්පයකින් වෙනදාටත් වඩා කාර්යාලයේ පැහැදිලි වෙනසක්‌ දැකීමට ඔහු උනන්දු වන අතර, තමා තුළද උද්යෝගයක්‌ ඇති බව ඔහු වටහා ගන්නවා. එහෙත් මෙකී ආකල්පය, තම නිවසේදී තමන් ඉතා ආදරය කරන, තමන්ගේ සිතැඟි හොඳින් තේරුම් ගත්තා යෑයි ඔහු විශ්වාස කරන බිරිඳත් සමග පෙර කී තරුණිය ගැන අවංක අදහස්‌ පළ කළහොත්

“ඒ පාර ඔයා මොකාටද එන්න හදන්නේ”

“ඔව් ඉතින් ඔµsස්‌ එකේ ඉන්න ගෑනුනේ මෙයාට හැමදේම කරල දෙන්නේ”

“දැන් ඉතින් අපේ ලස්‌සන කාටවත් පේන්නෑනේ”

යනාදී වශයෙන් ඇය දක්‌වන ප්‍රතිචාර හමුවේ ඔහු තවදුරටත් විවෘත සංවාදයකට යැමේ ඉඩකඩ ඇය විසින්ම අහුරා තබා ගන්නවා. එසේම ඔහු නැවත එවන් කිසිම අත්දැකීමක්‌ බිරිඳට ප්‍රකාශ කරන්නට ද මින් මනත පෙළඹෙන්නේ නැත.

බිරිඳකට වුවත් මෙය මෙසේ විය හැක. තමන් අගේ කරන දක්‍ෂ පුරුෂයකු පිළිබඳ සිය සැමියා සමග ප්‍රශංසාත්මක මුවින් කතා කිරීමට ඇය බියක්‌ දක්‌වන අතර එය ආවේගාත්මක වචන කිහිපයකින් යටපත්කර දමන්නට මෙහිදී සැමියන් උත්සාහ කරනු ඇත.

අප මතුකරන කාරණය තවදුරටත් පැහැදිලිs කළොත්, තමාගේ සිත තුළ ඇති දේ අනිත් පාර්ශ්වය බාරගන්නා ආකාරය මීට වඩා වෙනස්‌ වුණොත්, එසේත් නැතිනම් පෙර කී කාන්තාව ගැන තම සැමියා වර්ණනා කළේ කුමන අංශවලින්ද, කුමන දක්‍ෂතා අනුවද ඔහු සිත්ගත් එම කරුණ තමා සතුව නොමැතිද ආදී වශයෙන් විචාර බුද්ධියෙන් සහ විචක්‍ෂණශීSලීත්වයෙන් ආත්ම කථනයක යෙදෙන්නට තරම් බිරිඳක හෝ සැමියකු දක්‍ෂ වුවහොත් ඔහු හෝ ඇයගේ අදහසට එකඟ වී නම්‍යශීලී ලෙස එහි ගුණදොස්‌ කතා කරනවා නම් පෙරළා තර්ක විතර්ක ඉදිරිපත් කළද ඒවා ඉතා හොඳ අදහස්‌ ගනුදෙනුවක්‌ බවට පත්වනු නොඅනුමානය. ලෝකයේ විවාහ වූ නොවූ කියා බේදයක්‌ නැතිවම ඕනෑම ගැහැනියක සහ පිරිමියකු තුළ අෙන්‍යාන්‍ය වශයෙන් ඇතිවන බැඳීමක්‌ වැළැක්‌විය නොහැක. මෙලොව පවත්වාගෙන යැම සහ වර්ගයා බෝ කිරීමේ මූලික සිද්ධාන්තයට අනුව සහ එසේම එහෙත් අවබෝධයෙන් යුක්‌තව කටයුතු කරන දෙපළකට විශ්වාසවන්තව සිය අදහස්‌ එකිනෙකාට ගරු කරගනිමින් බෙදා හදාගත හැකිනම් පිටස්‌තර ගැහැනියක හෝ පිරිමියකු තමාගේ කැදැල්ලට එබිකම් කරන අවස්‌ථා අවම කරගත හැකි වනු ඇත.

එසේම බොහොමයක්‌ ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂය සංසන්දනය කිරීම් තුළින් ඇතිවන මානසික සැක සංකා ගොඩනගා ගනිති” මගේ බිරිඳ අර වගේ විය යුතුයි.”

“එයා මං ගැන හිතන්නෑ” යනාදී වශයෙන් මෙවන් අදහස්‌ පිට වේ. එමෙන්ම දියුණු ලෝකය තුළ ගැහැනියකට සහ පිරිමියකුට ඇතිවන සැකය ජංගම දුරකථනයේ පටන් අන්තර් ජාලය දක්‌වාම පැතිරී පවතී.

එසේම අතීතයේ පුරුෂයන් එළියට ගොස්‌ තම ජීවන වෘත්තිය කොට නිවසට පැමිණෙන්නට පමාවන්නේ නැත. එහෙත් අද ප්‍රවාහනය දියුණු වී තිබුණද එම දියුණුව නිසාම තවදුරටත් තමාගේ රාජකාරි කටයුතු කරමින් හිඳ ප්‍රමාද වී ගෙදරට යන්නට සැමියන් පොළඹනවා විය හැක. එහිදී වාහන තදබදය නිසා හෝ නිවසට එන්නට ප්‍රමාද වීමේදී එදා කාන්තාව මෙන් නූතන කාන්තාව සැමියාගේ පා සෝදා ගෙදරට ගන්නට සැදී පැහැදී බලා සිටින්නේ නැත. එහෙත් ඇය හුදකලාව නිවසේ, සියලු වැඩ කරමින් සිටින්නී තම සැමියා පෙරදී මෙන් තමා සොයා ඉක්‌මනින් ගෙදර එන්නේ නැතැයි සැක සිතින් පසුවන්නීය.

එසේම තවත් වැදගත්ම ආර්ථික සාධකයක්‌ ලෙස අද එකිනෙකාට වෙන් වූ කාර්යභාරයන් සමාජය තුළ දක්‌නට නැති බව කිව යුතුය. විස්‌තෘත පවුල තුළ ශ්‍රම විභජනයේදී බොහෝ දෙනා වෙත පැවරී තිබූ කාර්යයන් න්‍යෂ්ටික පවුල් කරා ඒමේදී එක්‌ එක්‌ අයගේ කාර්යයන් ලෙස හුදකලා වී ඇත. එහිදී බිරිඳ පිටතට රැකියාවට යද්දී, සැමියා නිවසේ ස්‌වයං රැකියාවක්‌ කරනවා හෝ දරුවන් බලාගෙන ගෙදර සිටිනවා විය හැක. සංකීර්ණ සමාජ රටාව තුළදී දක්‍ෂතා සහ ආර්ථිකය මත සියල්ල පදනම් වීමේදී අනෙකුත් කරුණු සියල්ල අවශේෂ කාරණා බවට පත්වී විවෘත සංවාද කෙසේ වෙතත් “අනේ එයාගෙන් මට කිසි උදව්වක්‌ නෑ”

“මමම නැහෙන්න ඕනෑ”

“ඔව් ඉතින් එයාට සතුටු වෙන්න ඔය ඕන තරම් දේවල් තියෙන්නේ” ආදී වශයෙන් හිතින් මවාගෙන ඒවා හදවතේ තැන්පත් කරගෙන මෝරන්නට ඉඩ හදාගන්නට ද ඉඩ තිබේ.

එසේම පුද්ගල රුචිකත්වය මතද, සැක සංකා මතුකරගෙන දුක්‌ විඳින්නට, අපේ ආදරණීය ගැහැනිය සහ පිරිමියා උත්සාහ කරයි. එනම් තමාගේ රුචිය අනුව තමා සොයාගත් ආදරණීය සිහින් කෙසඟ ශරීරය, නැතහොත්, පිරුණු රවුම් මුහුණ, දිග කොණ්‌ඩය, කඩවසම් සිනහව, කාලයත් සමග වියෑකී, වැහැරී, දිරාපත් වුවහොත්, නැතහොත් අධික ලෙස තරබාරු, වුවහොත් කොණ්‌ඩය වෙනුවට හිසෙහි තට්‌ටය පෑදී ඇත්නම් නැතහොත් දිග කේශකලාපය කෙටි වී වර්ණවත්ව ඇත්නම් තමාගේ රුචිය අනුව සොයාගත් ආදරණීයයාගේ රුව සෙමෙන් සෙමෙන් මියගොස්‌ය. දැන් ඔහු හෝ ඇය ඊට දක්‌වන ආකල්පය පිළිබඳ අනිත් කෙනාගේ සිතෙහි සැක සංකා මතුවිය හැක. “අනේ මම දැන් කැතයි” එයා කැමති වුණේ දිග කොණ්‌ඩයකට” ආදී වශයෙනි. මෙහිදී රූපය පමණක්‌ නොව දක්‍ෂතා සහ සිතුම් පැතුම්වලටද, ආර්ථික සාධකයන්ටද රුචි වී කසාද බැම්මෙහි ගැට ගැසෙන පුද්ගලයන් පසුකාලීනව ඉහත කී සාධක ගිලිහී යද්දී එවන් අවිශ්වසනීයත්වයෙන් පෙළෙන හැඟීම්වලින් සිය හිස්‌ පුරවා ගනී.

එසේම සමාජ ධර්මතා තුළින්ද, නොයෙකුත් අවිශ්වාසනීය හැඟීම් ඇතිවිය හැක. ලිංගිකත්වය, එළිපිට කතා කිරීම, ජුගුප්සාජනක ක්‍රියාවලියක්‌ මෙන්ම, කාන්තාවකගේ කන්‍යාභාවයද දැවැද්ද යන සංකල්පයද, මෙන්ම වැන්දඹු ස්‌ත්‍රියක්‌ හෝ සමාජයේ ජීවත් වන කුමන හෝ තරාතිරමක ගැහැනියකට සහ පිරිමියකුට සමීපව, උතුම් මිනිස්‌ සබඳතාවක්‌ පවත්වාගෙන යැමට හැකියාවක්‌ සමාජය තුළ දක්‌නට නැත. බෞද්ධ දර්ශනයට අනුව අප වෙන්කර හඳුනාගත් මාතු, භගිනි, ස‚, දාස භාර්යා යන පුද්ගලයකුට සුදුසු භාර්යාවන් යන සංකල්පය ගෙන බැලුවහොත් මවක්‌ සේ තමාට ආදරය කරන බිරිඳක්‌ සොයා වෙහෙසෙන සැමියා තමාගේ බිරිඳ තුළින් එය නොලැබෙන්නේ නම් පිටස්‌තර යෙහෙළියකගේ ආවතේවකම්, ඇලුම් බැලුම් දැක, එකී සෙනෙහසට ආශක්‌ත වනු ඇත. සැකයෙන් පිරි ජීවිත ගත කර නරකයෙන් පැසව පැසව හදවත පුළුස්‌සා ගන්නවාට වඩා තමාගෙන් අනෙකාට විය යුත්තේ කුමක්‌දැයි හෝ ඔහු හෝ ඇය තමා වෙතින් සැබෑවටම බලාපොරොත්තුවන්නේ කුමක්‌දැයි සොයා බැලීම ඉතා වැදගත්ය.

විවාහපත් දෙදෙනකුගේ අතිශය පෞද්ගලික වූ සහ ආදරණීය වූ ලිංගික බැඳීම් තුළද ලැඡ්ජාව, බිය, නොදැනුවත්කම සහ නිසි උපදේශනය නොලැබීම නිසා අනවබෝධාත්මක සැකයට එකිනෙකා භාජන වන අවස්‌ථා දුලබ නොවේ. විවෘතව තමන්ගේ ආශාවන් පිළිබඳ කතා නොකිරීමත්, අනෙකා ලැඡ්ජාවෙන් තොරව තමන් වෙත සම්බන්ධ වීම පිළිබඳ ඇතිකර ගන්නා කුතුහලයත් පසුකාලීනව සැකයකට තුඩුදිය හැකි කරුණු වීමට බොහෝ ඉඩකඩ ඇත. එහිදී සාම්ප්‍රදායික මතිමතාන්තරවලින් මිදීම ඉතා වැදගත්ය. විවාහයට පෙර තම පෙම්වතිය උදේ සවස රැකවල් දුන් පෙම්වතා විවාහ වූ පසු ඇය තම නිවස තුළ විවාහ සහතිකයේ ආධාරය මත සුරක්‍ෂිත යෑයි හඳුනා ගනී. එසේම විවාහයට පෙර සහකරුගේ හෝ සහකාරියගේ ස්‌වභාවය අනුව ශාරීරික සාධක සහ මානසික සාධක දෙයාකාරව ගලපා ගත යුතුය. ශාරීරික සාධක පිළිබඳ, ඇසින් බලා, විනිශ්චයන් ලබා ගත්තද, මානසික සාධකවලදී එකිනෙකා රවටා ගැනීම් විවාහයට පෙර ඕනෑතරම් සිදුවිය හැක.

“මමත් ඒකටමයි කැමති”

“අපි දෙන්නම එක වගේ”

“අපි හිතන විදිහ එක වගේමයි”

මේ ආකාරයට ගලපා ගන්නා මානසික සාධක විවාහයෙන් පසු එකිනෙක බිඳී ගිලිහී යද්දී, අපි කවුරුත් සමානයෝ නොවෙමු” යන්න වැටහෙන්නට පටන් ගනී.

අපි මෙම ලිපිය ආරම්භයේදීම පැවසූ පරිදි ආදරණීය හදවත් දෙකක්‌ සැකයෙන් සහ අවිශ්වාසයෙන් ඉරිතලා යන්නට මේ සියලුම කාරණා බලපෑවේ නැති වුවද, අවබෝධයෙන් යුක්‌තව කටයුතු නොකිරීම සහ විවෘත සංවාදවල නොයෙදීම තුළින් හේතුවක්‌ නොවන හේතුවක්‌ නිසා විරසක වන පවුල් අප අතර කොතෙකුත් තිබේ.

එහෙත් මේ කියන කාරණාත් සමග ඔබ ස්‌වයං ආත්ම කථනයක යෙදුනහොත් ඔබට ඔබගේ සැකයට පදනමක්‌ නොමැති බව වටහාගත හැකි වනු නො අනුමානයි. ඇත්තටම ඔබ තුළ සැඟවී තිබුණේ සාධාරණ සැකයක්‌ නම් ඊට හේතුවන කතා කළයුතු කරුණු කාරණා කිහිපයක්‌ ඊළඟ දවසේ තවත් පුළුල්ව සාකච්ඡා කරමු.

අමාලි මංගේෂ්කා පෙරේරා

Post a Comment

0 Comments

Post Labels