
වකුගඩු ගල කුඩානම් වඩාත් පහසුවෙන් ශරීරයෙන් බැහැර කරගන්නට පුළුවන්. නමුත් එය විශාල එකක් නම් ශරීරයෙන් බැහැරවීමෙදී මුත්‍රාවාහිනී අවහිර වීම වැනි නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ වකුගඩු ගල් හඳුනාගැනීමට උපකාරී වෙන ලක්ෂණයන් කිහිපයක් පිළිබඳවයි.
වකුගඩු වේදනාව
වකුගඩුවක ගලක් හිරවී තිබුනොත් යටිබඩ ප්‍රදේශයෙන් විටින් විට වේදනාවක් දැනීමට ඉඩ තිඛෙනවා. හදිසියේම ඇතිවන එම වේදනාව තියුණු එකක් බවට පත්වී කාලයත් සමග වඩාත් නරක අතට පත්වෙන්නට පුළුවන්. යමෙකුගේ ජීවිත කාලය තුල දැරිය හැකි දරුණුම වේදනාවක් ලෙසද එහා හඳුන්වන්නට හැකියාව තිඛෙනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, එම වේදනාව ඉකිලි ප්‍රදේශයෙන්, ජනනේන්ද්‍රියෙන් සහ පසුපස ප්‍රදේශයෙන්ද දැනෙන්නට පුළුවන්.
වෘක්ක පෞරිතතය
මෙම වේදනාත්මක තත්වය නොනැවතී දිගටම පැවතීමට හෝ විටින් විට නැවත පැමි මටද ඉඩ තිඛෙනවා. වකුගඩු තුල එම ගල් එහා මෙහා ගමන් කිරීම නිසා දහදිය දැමීම සහ දරාගත නොහැකි දරුණු වේදනාවක් ඇතිවී ඔබව රෝගාතුර වෙන්නටත් පුළුවන්. ඉරියව් මාරු කරමින් කුමන ඉරියව්වකින් සිටියත් එම වේදනාව නොනැසීම පවතිනවා.
මුත්‍රා සමග ලේ පිටවීම
මුත්‍රා සමග ලේ පිටවීම වකුගඩු ගල් රෝගී තත්වයේ පොදු ලක්ෂණයකි. මුත්‍රා කරන විට මුත්‍රාවාහිනී වල එම ගල් ඇතිල්ලීම නිසා එහි ප්‍රතිපලයක් ලෙස මුත්‍රාවාහිනී වලට හානි සිදුවී මුත්‍රා වල වර්ණය රතු හෝ ලා රෝස පැහැයක් ගැනීම තමයි එහිදී ඇත්තටම සිදුවන්නේ.ල නසාබැහ ිඑදබැිල නසාබැහ ජ්බජැර
අසාදනයන්
මුත්‍රා කරන විට වේදනාවක් දැනීම මුත්‍රා මාර්ග ආසාදන තත්වයේ ප්‍රධානම රෝග ලක්ෂණයයි. එසේ වුනත් වකුගඩු ගල් තත්වයකදීද සුළු වශයෙන් හෝ වේදනාවක් ඇතිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තබාගන්න.ල යදඅ එද ජමරු නසාබැහ ිඑදබැි
වමනය කිරීම සහ ඔක්කාරය
වකුගඩු නිවැරදිව ක්‍රියාත්මක නොවෙන විට වමනය කිරීම මගින් ශරීරයේ ඇති අපද්‍රව්‍ය බැහැර කිරීමට ශරීරය උත්සහ කරනවා.ග පැ්ක චක්බල දෙදාි
වකුගඩු වල විශාල ගලක් පිහිටා තිඛෙනවා නම්, හිඳගෙන සිටීම සහ දිගාවී සිටීම අපහසුයි. හිටගෙන සිටින විට වැඩි පහසුවක් ඔබට දැනේවි.ල ාැඑදං ඉදාහ
වකුගඩු ගල් රෝගී තත්වයේ පුර්ව ලක්ෂණයන්
මුත්‍රා කරන විට විටින් විට වේදනාවක් දැනීම වකුගඩු ගල් රෝගී තත්වයේ පොදු සහ පුර්ව ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කිසිඳු දියර වර්ගයක් පානය නොකලත් සුළු වශයෙන් මුත්‍රා පහවීම අනෙක් පුර්ව ලක්ෂණයයි.
මේ ඉහත සඳහන් කරනු ලැබූ ලක්ෂණ ඔබ තුල දිස්වෙනවානම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතාමත්ම වටිනවා.
0 Comments